Wednesday, July 27, 2011

Norchcholai Power Plant (2 items)

නොරොච්චෝලෙන් මෙගාවොට්‌ 285 ක්‌  ලැබෙන නිසා අඛණ්‌ඩව විදුලිය ලබාදෙන්න පුළුවන්
විදුලිබල මණ්‌ඩලයේ සභාපති

චමින්ද සිල්වා - නොරොච්චෝලේ සිට

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් නිපදවන මෙගාවොට්‌ 285 ක්‌ නියමාකාරයෙන් ජාතික විදුලි පද්ධතියට එක්‌කර තිබෙන නිසා අඛණ්‌ඩව විදුලි බලය ලබාදීමට හැකියාව ඇතැයි විදුලිබල මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පැවැසීය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පරීක්‍ෂණ චාරිකාවට එක්‌වෙමින් ඒ බව පැවැසූ සභාපතිවරයා එළැඹෙන අපොස උසස්‌ පෙළ විභාගයට සූදානම් වන දරුවන්ට කිසිදු අපහසුතාවක්‌ ඇති නොවන සේ විදුලිය අඛණ්‌ඩව ලබාදීමට සැලසුම් කර ඇතැයි ද කීවේය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට්‌ තුන්සියයක්‌ නිපදවන බවත් චීන ඉංජිනේරු කණ්‌ඩායම මඟින් මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු නිමකර පෙරේදා (25 වැනිදා) නිල වශයෙන් එහි පාලනය ලංකා විදුලිබල මණ්‌ඩලය වෙත පැවැරූ බවත් සභාපතිවරයා පැවැසීය.

විශේෂ අර්බුදයක්‌ ඇති නොවුණහොත් දැනට ඇති විදුලි බල ශක්‌තිය මඟින් අඛණ්‌ඩව විදුලිය ලබාදීම ගැටලුවක්‌ නොවේ යෑයි ද සභාපතිවරයා එහිදී කියා සිටියේය.



Source: http://www.divaina.com/2011/07/27/news04.html


නොරොච්චෝලේ විදුලි උත්පාදනය පරිපාලන කටයුතු මණ්ඩලයට

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය හා පරිපාලනය ලංකා විදුලි බල මණ්ඩලයට පවරා ඇත. මේ බලාගාරය ඉදිකළ එම සමාගමේ ගිවිසුමට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට විදුලි උත්පාදන කටයුතු සිදු කිරීමට පවරා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පවසයි. ඉදිරි සති 4ක කාලයක් චීන සමාගමේ ඉංජිනේරුවන් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සාමුහිකව වැඩ කරන අතර ඉන් පසුව සම්පූර්ණයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් යටතට ගෙන එන බවද සභාපතිවරයා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ චීන සමාගම ලංකා විදුලි බල මණ්ඩලයට නොරොච්චෝල විදුලි බලාගාරයේ උත්පාදන සහ පරිපාලන කටයුතු නිල වශයෙන් බාර දීම වෙනුවෙන් ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. මෙය නොරොච්චෝල බලාගාරයේ දී පැවැත්විණි. මේ අතර නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පැවසීය. කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරය මාසයක පමණ කාලයක් වසා දමා තිබූ අතර අළුත්වැඩියාවෙන් පසු බලාගාරය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර ඇති බවද සභාපතිවරයා කීය.

දෛනිකව මෙගාවොට් 285 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතුකරන මෙම විදුලි බලාගාරයේ දෛනිත විදුලි උත්පාදනය මෙගාවොට් 300 කි. ඉන් මෙගාවොට් 15ක විදුලි ධාරිතාවක් බලාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා වැයවේ. මෙම විදුලි බලාගාරයේ දෙවන අදියරේ කටයුතු ළඟදීම අරඹන අතර ඒ සඳහා රුපියල් මිලියන 8000ක් වැය වේ. නොරොච්චෝලේ සිට අනුරාධපුරය දක්වා කි.මී. 100ක සම්ප්‍රේෂණ මාර්ගයක්ද ඉදිකෙරේ. ඒ සඳහා ඇ: ඩොලර් මිලියන 800 ක් වැය කෙරේ.

No comments:

Post a Comment