Wednesday, December 28, 2011

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ හොරණ ප්‍රදේශයේ වෙළෙඳුන් විස්සකට දඩ

* හදිසි වැටලීමකින් නීතියේ රැහැනට

කළුතර දිසා සමූහ – දයාරත්න කුමාරසිංහ

සෞඛ්‍යයට අහිතකර දූවිලි මිශ්‍ර ආහාර, කුකුලන්ගේ අසූචි තැවරී ඇති බිත්තර, මස් මාංශ සමඟ කෑමට ගන්නා ආහාර ශීතකරණයේ දමා අලෙවි කරමින් සිටි හෝටල් හිමියන් සහ පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය වර්ග අලෙවි කළ සිල්ලර කඩ හිමියන් ඇතුළු විසිදෙනකුට හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් මහින්ද පී. රණසිංහ මහතා එක්ලක්‍ෂ හැටහයදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කෙළේය.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික ධර්මරත්න මහතාගේ හා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඒ. එල්. සී. පෙරේරා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රාත්‍රී කාලයේදී හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කළ හදිසි වැටලීමකදී මොවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී ඇත. මේ වැටලීමට හොරණ නාගරික සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්. කේ. ජයසිංහ මහතා ඇතුළු ටී. ජී. ප්‍රසන්න කුමාර, පී. සී. සේනාරත්න, පී. එල්. පි‍්‍රයන්ත, එම්. එච්. බී. ඒ. බණ්ඩාර යන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරී මහත්වරු සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/12/28/_art.asp?fn=r1112281

No comments:

Post a Comment