Thursday, December 29, 2011

ඉහළ යන ඖෂධ මිල හමුවේ රෝගීන්ගේ හෙට දවස

රෝගීන් තවත් අසරණ කරවමින් බෙහෙත් වර්ගවල මිල ගණන් පසුගිය දිනවල විවිධ ප්‍රමාණයන්ගෙන් ඉහළ ගොස්‌ ඇති බව වාර්තා විය. දියවැඩියාව, වකුගඩු රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, හෘද රෝග ඇතුළු ප්‍රධාන පෙළේ රෝගාබාධයන් සඳහා ලබා දෙන සෑම බෙහෙත් වර්ගයකම පාහේ මිල ගණන් මෙසේ ඉහළ ගොස්‌ ඇති අතර මෙම තත්ත්වය මත රෝගීන් බොහෝ දෙනෙකු ඔසුසැල්වලින් ඈත්වෙමින් සිටිති.

රෝගීන් මෙසේ ඔසුසැල්වලින් බෙහෙත් මිලදී ගැනීමෙන් වැළකී සිටීම යනු ඔවුනගේ රෝගී තත්ත්වයන් වර්ධනය කර ගැනීමක්‌ වන අතර එය සුබදායි තත්ත්වයක්‌ නොවේ. අනෙක්‌ අතට නිදහස්‌ සෞඛ්‍ය සේවාව යටතේ රජයේ රෝහල් හරහා රෝගීන්ට නොමිලයේ බෙහෙත් නිකුත් කෙරුණද තවමත් රෝහල් වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත සැළකිය යුතු බෙහෙත් ප්‍රමාණයක්‌ රෝගීන් විසින් මිලදී ගනුයේ රජයේ හා පුද්ගලික ඔසු සැල් හරහාය. මෙය එක්‌ අතකින් වෙළෙඳ නාමයන්ගෙන් බෙහෙත් නිකුත් කිරීමේ සම්ප්‍රදායයෙහි එක්‌ අනිටු ප්‍රතිඵලයකි.


Read full article: http://www.divaina.com/2011/12/29/feature02.html

No comments:

Post a Comment