Thursday, December 29, 2011

මාස 6 ක්‌ විදුලි බිල නැංවීම ප්‍රමාද කළ හැකියි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියයි

ශිරාන් රණසිංහ

අවශ්‍යනම් තවත් මාස හයක්‌ යනතුරුම විදුලි ගාස්‌තු වැඩි නොකර සිටීමට හැකි යෑයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්‌සද කොස්‌තා මහතා "දිවයින" ට පැවැසීය.

විදුලි ගාස්‌තු සංශෝධනය කිරීම පිළිබඳ සම්පූර්ණයෙන්ම තීරණය කිරීමේ බලතල සහිත මහජන උපයෝගිතා කොමිසම, ජනවාරි 01 වැනිදා වනවිට ගාස්‌තු සංශෝධන පිළිබඳ සිය නිර්දේශ ඉදිරිපත් කරන බව ද සභාපතිවරයා කීවේය.

කෙසේ වෙතත් 2012 වසරේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලයට සිදුවන යම් පාඩුවක්‌ වේ නම් මහා භාණ්‌ඩාගාරය එය පියවනවාද නැද්ද යන කාරණය පිළිබඳව මහා භාණ්‌ඩාගාරය 31 වැනිදාට පෙර කරන ලිත දැනුම්දීමට අනුව ඒ ඒ තත්ත්වයන්ට අනුව ගාස්‌තු සංශෝධනය පිළිබඳ කෙරෙන අවසන් නිර්දේශය සිදුවන බව ද සභාපතිවරයා පැවැසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ තිස්‌වන වගන්තියට අනුව මහා භාණ්‌ඩාගාරයෙන් කරන ලිත ප්‍රකාශය සලකා බැලීමට මහජන උපයෝගිතා කොමිසමට ඉඩකඩ හිමි බව ද සභාපතිවරයා කීවේය.

මෙරට සමස්‌ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට හැත්තෑ අටක්‌ම විදුලි ඒකක අනූවට අඩුවෙන් පාවිච්චි කරන අඩු ආදායම්ලාභීන් බව ද සභාපතිවරයා පැවැසීය.

විදුලි ගාස්‌තු වැඩිකිරීම පිළිබඳව ඊයේ (28 වැනිදා) වනතුරුම තීරණය කර නොතිබූ බවත් යම්කිසි අයුරකින් ගාස්‌තු සංශෝධනයක්‌ කිරීමට තීරණය වුවහොත් යම් යම් අංශවල සංශෝධනයක්‌ කිරීමට කල්පනා කරන බවත් සභාපතිවරයා කීවේය.

ගෘහස්‌ථ පාරිභෝගිකයන්ට දැනට විදුලි ඒකක 90 ක්‌ දක්‌වා ලබාදෙන සහන ගාස්‌තුව ඒකක 30 දක්‌වා අඩුකිරීමට යෝජනා වී ඇතැයි පැතිර ගිය ආරංචිය පදනම් විරහිත එකකැයි කී සභාපතිවරයා රටක්‌ සංවර්ධනය වනවා යනු විදුලි පරිභෝජනය වැඩිවීමක්‌ යෑයි ද පෙන්වා දුන්නේය. අද අපේ රටේද විදුලි පරිභෝජනය වැඩිවී ඇති බැවින් ලාභ ක්‍රම මගින් විදුලිය ජනනය කිරීම හරහා ගාස්‌තු වැඩිකිරීම පාලනය කළ හැකි බව කීවේය.

http://www.divaina.com/2011/12/29/news10.html

No comments:

Post a Comment