Wednesday, December 28, 2011

Dengue update: 28 December (2 items)

ඝන බී.ටී.අයි. ප්‍රතිඵලදායකයි

සන්ධ්‍යා කරුණාරත්න

මදුරු කීට මර්දනයේ දී ඝන බී.ටී.අයි. හෙවත් BTI Dunks යෙදීම වැඩි ප්‍රතිඵල ගෙන දෙන බව පර්යේෂණවලින් සනාථ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටට අලුතින් හඳුන්වාදෙන මේ ඝන බී.ටී.අයි. (BTI Dunks) බැක්ටීරියාව මදුරු කීටයින් විනාශ කිරීම සඳහා ඉතාම සාර්ථකව යොදා ගත හැකි බවත් එහි සක්‍රීය කාල සීමාව දින 30 ක් පමණ දීර්ඝ වන නිසා මේ බැක්ටීරියාව වඩාත් ප්‍රතිඵලදායක බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඝන බී.ටී.අයි. බැක්ටීරියාව මදුරු මර්දනය සඳහා යෙදීමෙන් පසුව දින 30 ක් කිසිදු වෙනසකට භාජනය නොවී පැවතීම නිසා මෙමඟින් සාර්ථක ලෙස මදුරු කීට මර්දනයක් සිදුවන බව අනාවරණය වී තිබේ. සාමාන්‍යයෙන් බී.ටී.අයි. බැක්ටීරියාව දියර හා ඝන ද්‍රව්‍යයක් වශයෙන් හඳුන්වා දී ඇත. BTI හෙවත් Bacillus Thurigensis Subspecies Israelensis බැක්ටීරියාව මදුරු කීට මර්දනයේ දීි සහායක ක්‍රමවේදයක් වශයෙන් යොදා ගනු ලැබේ.

ඝන බී.ටී.අයි. බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය මාසයක් පමණ නොවෙනස්ව විනාශ නොවී ඕනෑම පරිසර සාධකයක් තුළ වුවද පවතින නිසා මදුරු කීට මර්දනය සඳහා ජලය එක්රැස් විය හැකි ස්ථානවලට කැබලි වශයෙන් හෝ සම්පූර්ණ ඝනයම වශයෙන් භාවිතා කළ හැකි බව පර්යේෂණවලින් හෙළි වී ඇත. වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා අංශය මඟින් මේ සම්බන්ධව අත්හදා බැලීම් ක්‍රියාත්මක කරන ලද අතර ක්ෂේත්‍රය තුළ මේ බැක්ටීරියාව යෙදවීමෙන් මාසයක කාලයක් තිස්සේ එම ක්ෂේත්‍රය තුළ වැඩුණු මදුරු කීටයන් සියල්ල විනාශ කළ හැකි බව තහවුරු වී තිබේ.

විශේෂයෙන්ම ඩෙංගු රෝගය බෝකරන ඊඩිස් ඊජිප්ටයි, ඊඩිස් ඇල්බෝපික්ටස් හා බරවා රෝගය බෝකරන Culex Quinquefaciatus නමැති මදුරු වර්ගවලට අයත් කීටයන් විනාශ කිරීම සඳහා හොඳින් ක්‍රියාකාරී වන බවද මේ පර්යේෂණවලින් තහවුරු වී ඇත. මදුරුවන් බෝ විය හැකි වැහි පිහිලි, ගස් බෙන, ගෙවතු අලංකරණ පොකුණු, ටයර් වැනි ඉවත් කළ නොහැකි සහ කාලයක් පවතින මදුරුවන් බෝ විය හැකි ස්ථානවලට ද මේ BTI Dunks බැක්ටීරියාව සාර්ථකව යෙදිය හැකිය.


http://www.dinamina.lk/2011/12/28/_art.asp?fn=n11122816 


Proves highly effective: Dengue no match for BTI Dunks

The newly introduced solid BTI or BTI Dunks bacteria has proved highly effective in destroying dengue mosquito larvae by remaining active for a period of almost 30 days. This has been proved by field research conducted by the Medical Research Institute, said the Health Ministry in a release made under the hand of media office W M D Wanninayake yesterday.

The release said BTI or Bacillus Thurigensis Subspecies Israelensis is used as a support mechanism in combating mosquito larvae (worm).

BTI has been introduced in both solid and liquid form.

When used it remained active for nearly 30 days in any environment, tests have proved.

This bacteria has also proved effective in destroying the dengue causing Aedes Egyptai and Aedes Alpopictis mosquitoes as well as the Filaria causing Culex Quinquefaciatus mosquitoes.

http://www.dailynews.lk/2011/12/28/news26.asp

No comments:

Post a Comment