Thursday, December 29, 2011

බාල පෙට්රල් හානි වන්දි ලේඛන බාරගැනීම ජනවාරි 6න් අවසන්

නුවන් කොඩිකාර

බාල පෙට්රල් භාවිතය නිසා හානි වු වාහනවලට වන්දි ගෙවීමට අවශ්‍ය ලිපි ලේඛන හා තොරතුරු භාරගැනිම ජනවාරි 06 වැනි දිනෙන් අවසන් කිරිමට වන්දි ගෙවිමේ කමිටුව තීරණය කර ඇත.

අදාළ ලිපි ලේඛන හා තොරතුරු ලබාදෙන ලෙස සෑම වන්දි අයදුම්කරුවකුටම ලිඛිතව දැනුම්දීමට එම කමිටුව පියවර ගත් අතර සිය ලිපි ලේඛන ඉදිරිපත් කිරිමට සෑම අයදුම්කරුවකුටම මාස හයකට අධික කාලයක් ලබාදී තිබේ.

වන්දි ගෙවීම සඳහා ඉල්ලුම්කර ඇති ලිපි ලේඛන හා තොරතුරු නිසි වෙලාවට ලබා නොදීම, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරිම, ඇතැම් ලිපි ලේඛන කොටස් වශයෙන් වරින් වර ඉදිරිපත් කිරිම, ඉදිරිපත් කර ඇති ගරාජ් බිල්පත්වල තොරතුරු අපැහැදිලිවිම යනාදි හේතුමත වන්දි ගෙවීමේ කටයුතු ප්‍රමාද වී ඇතැයි වන්දි ගෙවීමේ කමිටුව ප්‍රකාශ කළේය.

වන්දි ලබාගැනීම සම්බන්ධව ලැබී ඇති පැමිණිලි අතුරින් පළමු අදියර යටතේ මේ වනවිට පැමිණිලි 2196 කට අදාළ ලිපිගොනු පරික්ෂා කර 1006 දෙනකු සඳහා ගෙවීම් කර ඇති බව කමිටුව පැවැසීය.

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කළ ලිපිගොනු 433 ක් ප්‍රතික්ෂේප කළ බවත්, දෙවැනි අදියර යටතේ පැමිණිලි 1149 කට අදාළව ලිපිගොනු පරික්ෂා කිරිමට නියමිත බවත් වන්දි ගෙවීමේ කමිටුව කීවේය.

වන්දි ගෙවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 40 ක මුදලක් වෙන්කර ඇති අතර එම මුදල් අදාළ සමාගමෙන් අයකර ගැනීමට තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.


http://www.dinamina.lk/2011/12/29/_art.asp?fn=n1112293

No comments:

Post a Comment