Monday, December 26, 2011

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනවාරි මාසයේ විවෘත කරනවා

ශිරාන් රණසිංහ

ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි අවසාන ජල විදුලි බලාගාරය වන මෙගොවෙට්‌ 150 කින් සමන්විත කොත්මලේ ජල විදුලි බලාගාරය ජනවාරි මාසයේ දී විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය 15 වැනිදා පළමු දියවර බලාගාරයට නිකුත් කිරීමත් සමගම සිනේට්‌ක්‌ලෙයාර් දියඇල්ල සිඳීගිය මුත් පැය කිහිපයකට පසු ක්‍රම ක්‍රමයෙන් දිය ඇල්ල සක්‍රිය වූ බවද අමාත්‍යාංශය පවසයි.

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකිරීමට කළ සැලසුම්වලදී සින්ට්‌ක්‌ලෙයාර් දිය ඇල්ලට කිsසිදු අහිතකර බලපෑමක්‌ නොවන ලෙස බලාගාරය සැලසුම් කළ බව ඉංජිනේරුවරු පවසති.

මෙම බලාගාරය මෙගොවොට්‌ 75 කින් සමන්විත විදුලි ජනක යන්ත්‍ර දෙකකින් සමන්විත අතර පළමු අදියර යටතේ ජනවාරියේදී විදුලිය ජාතික පද්ධතියට එක්‌ කරන අතර දෙවැනි අදියර ලබන අප්‍රේල් මාසයේදී සිදුකරන බවද ඉංජිනේරුවරු පවසති.

මෙම ජල විදුලි බලාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 8548 ක්‌ වැය කළ අතර ජපන් රජය යෙන් මිලියන 37817 ක්‌ වැයකර තිබේ. ජපන් ඉංජිනේරුවන් ගේ දායකත්වයෙන් බලාගාරයේ ඉදිකිරීම් සිදුකර තිබේ.


http://www.divaina.com/2011/12/26/news16.html

No comments:

Post a Comment