Monday, December 26, 2011

Illegal use of electricity & accidents (2 items)

අනවසර විදුලිය පරිහරණයට දැඩි පියවර

ශිරාන් රණසිංහ

නීති විරෝධී හා අනතුරුදායක ක්‍රම මගින් විදුලි බලය ලබා ගන්නා අයට දැනටමත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් ඉදිරි කාලයේදී එවැනි නීති විරෝධී ලෙස විදුලිය ලබා ගන්නා අයට එරෙහිව ගන්නා පියවර දැඩි කරන බවත් විදුලිබල මණ්‌ඩලය පවසයි.

මතුරට, ඔකඳගල ප්‍රදේශයේ වූ සිද්ධිය ද නීති විරෝධී විදුලි රැහැන් ඇදීම නිසා සිදුවූ විපතකැයිද විදුලිබල මණ්‌ඩලය සඳහන් කර සිටී.

නීති විරෝධී හා අනතුරුදායක ලෙස විදුලිය ලබා ගන්නා අයට එරෙහිව දැනටමත් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන අතර ඉදිරි කාලයේදී එවැනි අයට එරෙහිව ගන්නා පියවර දැඩි කිරීමට කටයුතු කළ යුතුව ඇතැයිද මණ්‌ඩලය සඳහන් කරයි.


http://www.divaina.com/2011/12/26/news25.html


මතුරට, ඔකඳගලම කම්පාවට පත්වෙයි
රිළවුන්ට යෙදූ විදුලියට මව,පියා සහ පුතා බිලි


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒ. එම්. අත්තනායක - හඟුරන්කෙත

මතුරට, ඔකඳගල පාලම අසල පිහිටි නිවසක පදිංචිව සිටි එකම පවුලේ පියා, මව සහ සිඟිති දරුවා රිළවුන් පළවා හැරීමට යෙදූ අනවසර විදුලි රැහැනකින් විදුලිසර වැදී මරුමුවට පත්වී තිබේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ පියාවන රාජපක්‍ෂගෙදර ජයන්ත විඡේසුන්දර (44), මව වන තුන්පැලේගෙදර දයාවතී ජයසිංහ (33) සහ රාජපක්‍ෂගෙදර අයේෂ් දිල්ෂාන් විඡේසුන්දර (3) යන තිදනොයි.

වඳුරු රැළක්‌ ප්‍රදේශයේ සැරි සරමින් වගා විනාශ කිරීම නිසා මියගිය පියා නිවස වටා අනවසර විදුලි රැහැනක්‌ යොදා තිබේ. මෙම සිද්ධිය වූ රාත්‍රී සිඟිති පුත්‍රයා මෙම අනවසර විදුලි රැහැන ඇල්ලීමට යැමේදී පළමුව දරුවාට විදුලිසර වැදී තිබේ. දරුවා බේරා ගැනීමට පියා සහ මව උත්සාහ දැරූ අවස්‌ථාවේ ඔවුන් දෙදෙනාටද විදුලිසර වැදී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය ආරංචිවීමත් සමඟ මතුරට පොලිසිය සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මතුරට, ඔකඳගල, ප්‍රදේශවාසීහු මේ සිද්ධියෙන් දැඩි කම්පාවට පත්වී සිටිති.


http://www.divaina.com/2011/12/26/news01.html

No comments:

Post a Comment