Friday, December 30, 2011

Oil hedging deal - PC exempt from $ 192 mn payment (2 items)

හෙජින් නඩුවෙන් තෙල් සංස්‌ථාවට ජය නඩු ගාස්‌තු ගෙවීමට සිටි බැංකුවට නියෝග
ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් හෙජින් ගිවිසුම් සම්බන්ධයෙන් සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලයක්‌ හමුවේ විභාග වූ නඩුවට අදාළව එම නඩු කටයුතු වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක්‌ (ශ්‍රී ලංකා මුදලින් රු. දශලක්‍ෂ 287.5 ක පමණ මුදලක්‌) ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට ගෙවන ලෙස එම බේරුම්කාර මණ්‌ඩලය විසින් ඊයේ (29) සිටි බැංකුවට නියෝග කළේය.

මෙම බේරුකරණ නඩුව සිටි බැංකුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට එරෙහිව පවරා තිබිණි.

එසේම සිටි බැංකුව විසින් පැවරූ මෙම නඩුවෙන් තෙල් සංස්‌ථාව ජයග්‍රහණය කළ නිසා එම බේරුම්කරණ නඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් තැන්පත් කර තිබූ බ්‍රිතාන්‍ය පවුම් 130,000 ක මුදලද යළි ශ්‍රී ලංකාවට ලැබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දශලක්‍ෂ 23.4 ක පමණ මුදලකි. මෙම බේරුම්කරණ නඩු විභාගය වෙනුවෙන් තැන්පතු මුදලක්‌ එම බේරුම්කාර මණ්‌ඩලයේ නමින් නඩුවට අදාළ දෙපාර්ශ්වය විසින්ම තැන්පත් කළ යුතු වූ අතර නඩුවෙන් ජයග්‍රහණය කරන පාර්ශ්වයට එම තැන්පතු මුදල නැවත ලබාගත හැකිය. මේ අනුව ශ්‍රී ලංකාව විසින් තැන්පත් කළ බ්‍රිතාන්‍ය පවුම් 130,000 ක තැන්පතු මුදල අපට නැවත ලබාගත හැකි අතර සිටි බැංකු ව විසින් තැන්පත් කළ මුදල බේරුම්කාර මණ්‌ඩලයට හිමිවේ.

මේ අනුව සිටි බැංකුව විසින් ලංකා ඛනිජතෙල් සංස්‌ථාවට එරෙහිව සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලය හමුවේ පවරන ලද නඩුවට අදාළව ශ්‍රී ලංකාව විසින් දරන ලද සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් මුදලක්‌ සිටි බැංකුවෙන් තෙල් සංස්‌ථාවට ලැබේ. ඒ අනුව නීතිඥ ගාස්‌තු ගුවන් ගමන් වියදම්, හෝටල් වියදම් සහ ලිපි කටයුතු වියදම් ඇතුළු අදාළ බේරුම්කරණ නඩුවට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට වැය වූ සම්පූර්ණ වියදම පියවා ගැනීමට හැකිවේ. මේ සඳහා ශ්‍රී ලංකාව විසින් දැරූ වියදම් පිළිබඳ විස්‌තර ලිතව සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබිණි.

මේ පිළිබඳව zzදිවයිනZZ කළ විමසුමකට පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ මේ තීන්දුව අපි ලැබූ විශාල ජයග්‍රහණයක්‌ බවයි. මේ අනුව අදාළ බේරුම්කරණ නඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව දැරූ සියලු වියදම් සිටි බැංකුව විසින් අපට ගෙවිය යුතුව ඇතැයිද මහබැංකු අධිපතිවරයා කීවේය.


http://www.divaina.com/2011/12/30/news07.html


PC exempt from $ 192 mn payment -Oil hedging deal with CITI Bank void

By Ravi Ladduwahetty

A Singaporean arbitration panel, comprising Lord Millet, Michael Hwang and V. V. Veeder (President), appointed by the London Court of International Arbitration, yesterday ruled that the oil hedging deal between Ceylon Petroleum Corporation and Citibank was void and that Sri Lanka did not have to pay US$ 192 million that was demanded by the bank.

The panel also ordered Citi Bank NA to pay US $ 2.5 million (around LKR 285 million) to Ceylon Petroleum Corporation as legal fees for the hedging case which had been simmering over the last few years.

The arbitrators had voided the oil hedging deal between Sri Lanka and Citibank, rejecting the bank’s demand for US $ 192 million and interest payments.

"The decision has said that the entirety of the transaction was not right and Citibank’s claim has been dismissed," sources at the International Centre for Settlement of Investment Disputes, have been quoted as saying in international news reports.

"We had a very strong case and we won it. The arbitrators were of the opinion that we were unfairly asked to defend this matter and they felt that it was justifiable that we should be compensated," an upbeat Ceylon Petroleum Corporation Chairman Harry Jayawardena told The Island last night.

Last month, the government lost a case against Standard Chartered Bank in the same oil hedging deal. A London Court ruled the State-owned oil refiner, Ceylon Petroleum Corporation, owed nearly US $ 162 million plus interest to Standard Chartered Bank for non-payment of hedging dues.


The banks sought arbitration or Court proceedings to recover dues under complex options positions sold to Ceylon Petroleum Corporation, after it refused to pay up when oil prices collapsed in 2008.

The Central Bank has said earlier that the deals were tainted. The derivatives were sold by Standard Chartered, Deutsche Bank, Citibank and Sri Lanka’s State-run People’s Bank and listed Commercial Bank.

The tribunal has concluded that none of the 16 Transactions can be categorised as risk management (or hedging), that all 16 Transactions were speculations by CPC’s officers; and that all 16 Transactions were beyond the capacity of CPC (or ultra vires) under Section 5 of the 1961 Act and the law of Sri Lanka. "This Capacity Issue is therefore determined against Citibank and of its contractual claims against CPC in these arbitration proceedings in respect of Transactions Nos 15 and 16."

Therefore, the panel has decided that Citibank was not entitled to the declarations that Transactions Nos 15 and 16 are valid and enforceable, to payment of the Termination Amount and to payment of interest on such Termination Amount and in particular, the Tribunal declares that Transactions Numbered 15 and 16 were and remain ultra vires and beyond the Ceylon Petroleum Corporation’s capacity;

It has also said that Citibank’s contractual claims under Transactions Numbered I5 and 16 and the Master Agreement dated 11 July 2007 were also dismissed

The panel has also in particular declared that CITI Bank was not entitled to payment by the Ceylon Petroleum Corporation of the Termination Amount or to payment of interest on such Termination Amount under Transactions Numbered 15 and 16 and the Master Agreement dated 11 July 2007.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=42159

No comments:

Post a Comment