Wednesday, December 28, 2011

කෘෂිකර්ම අමාත්‍යංශය කාබනික පොහොර නිෂ්පාදකයන් දිරිගන්වයි

අමල් උඩවත්ත

දේශීය කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා කාබනික පොහොර නිෂ්පාදකයන් දිරිගැන්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බැව් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ දී කාබනික පොහොර නිෂ්පාදකයන් සමග කළ සාකච්ඡාවක දී පැවසී ය. මෙහි දී අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා "පොහොර ඒකකය යටතේ ලියාපදිංචි කර ඒ සඳහා අනන්‍යතා සහතිකයක්‌ ලබා දීමටත්, ඉදිරියේ දී කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ ලබා දීමටත්, සහනදායි පොලියක්‌ යටතේ බැංකු ණය ලබා දීමටත්, පොහොර නිෂ්පාදකයන්ට අවශ්‍ය පොහොර පහසුකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමටත් කටයුතු සැලසුම් කර තිබෙනවා" යනුවෙන් පැවසී ය. මෙහි දී කාබනික පොහොර නිෂ්පාදකයන් විසින් ඔවුන්ට නිෂ්පාදන ක්‍රියාවලියේ දී බලපාන ගැටලු පිළිබඳව හා අලෙවි කිරීමේ දී බලපාන ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
http://www.vidusara.com/2011/12/28/news4.html

No comments:

Post a Comment