Wednesday, December 28, 2011

Southern Expressway - Income and more (3 items)

අධිවේගී මාර්ගයේ මාසයක ආදායම මිලියන 68 යි!

නත්තල් දා පමණක්‌ ලක්‍ෂ 36ක්‌

ප්‍රියදර්ශන ලියනගේ - අකිත පෙරේරා

මාසයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන හැට අටයි දශම අටක (68.8) වාර්තාගත ආදායමක්‌ ඉපයීමට රජය සමත් වී ඇතැයි වරාය සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ඊයේ (27 දා) දිවයින ට පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කළේ නොවැම්බර් මස 27 වෙනිදායි. එදින සිට දෙසැම්බර් 27 වෙනිදාට හරියටම මාසයක්‌ වෙනවා. මේ කාලය තුළ රථ වාහන දෙලක්‍ෂ හතළිස්‌ දෙදහස්‌ පන්සිය දහතුනක්‌ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර තිබෙනවා. වැඩිම වාහන ප්‍රමාණයක්‌ ගමන් කර තිබෙන්නේ නත්තල් දවසේ. එම වාහන ප්‍රමාණය පහළොස්‌ දාස්‌ දෙසිය පනස්‌හයයි (15256). දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයට මෙම මාසයක කාලය තුළ වැඩිම වාහන ප්‍රමාණයක්‌ ඇතුළු වී තිබෙන්නේ කොට්‌ටාවෙන්. එයින් රුපියල් දෙකෝටි හැට හතර දාහක ආදායමක්‌ රජය උපයා ගෙන තිබෙනවා.

නත්තල් දිනය දා (25 වැනිදා) දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් ඉපයූ ආදායම රුපියල් ලක්‍ෂ තිස්‌ හයක්‌ බව වරාය හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා "දිවයින" ට පැවසීය.

එදින අධිවේගී මාර්ගයෙහි වාහන 12,000 කට අධික ප්‍රමාණයක්‌ ධාවනය වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර එම මාර්ගයෙහි මගී ප්‍රවාහනය ලබන ජනවාරි පළමු වැනිදා හෝ එම මුල් සතියේ ආරම්භ කරන බවද හෙතෙම කීය. ඒ සඳහා ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයට අයත් සුඛෝපභෝගී බස්‌ රථ දෙකක්‌ යොදවන බවද සඳහන් කළේය.


http://www.divaina.com/2011/12/28/news11.html


දක්‍ෂිණ අධිවේගී මාර්ගයෙන් නත්තල් දා ලක්‍ෂ 44ක ආදායමක්

සුභාෂිනී සේනානායක සහ පණ්ඩුක සමරසේකර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනක ඉපයූ වැඩිම ආදායම නත්තල් උත්සවය දා ලැබූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සහ වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා පවසයි. රුපියල් ලක්ෂ 44 ක් වූ එම මුදල ඉපයීම සඳහා රථ වාහන 15,000 ක් 25 වනදා ගමන් කර ඇතැයි සභාපතිවරයා පැවසීය.

නත්තල් දිනට පසුදා ද වාර්තා ගත ආදායමක් ලැබූ බව පවසන ප්‍රේමසිරි මහතා එය රුපියල් ලක්ෂ 40ක් වූ බව ද දිනමිණ කළ විමසීමක දී පැවසීය. මේ අතර අධිවේගී මාර්ගයේ ප්‍රථම මගී ප්‍රවාහන බස්රථ දෙක 2012 ජනවාරි 01 සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

අධිවේගී මාර්ගයේ මගී බස්රථ ධාවනය සඳහා මීට ඉහත දී ප්‍රවාහන අමාත්‍යාංශය ඉල්ලීම් කර තිබූ අතර ඒ සඳහා 2012 ජනවාරි 01 සිට අවසරය ලබා දුන් බව වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා ‘දිනමිණ’ කළ විමසීමක දී පැවසීය. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා දැනට ලංගම සුඛෝපභෝගී බස් රථ දෙකක් වෙන් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.


http://www.dinamina.lk/2011/12/28/_art.asp?fn=n11122812


Southern Expressway: RDA earns Rs 68m in toll charges during first month

Irangika RANGE

The Road Development Authority (RDA) has earned a revenue of Rs. 68 million as toll charges from vehicles which used the Southern Expressway during the first month of its operation, Ports and Highways Deputy Minister Nirmala Kothalawala told the Daily News.

The Southern Expressway was commissioned by President Mahinda Rajapaksa on November 27.

The deputy minister said about 245,513 vehicles entered the expressway through the eight interchanges to travel to their destinations within a month of its opening.

Accordingly, 82,598 vehicles entered the Expressway through the Kottawa interchange, 13,262 vehicles from the Kahathuduwa interchange, 28,650 vehicles from the Gelanigama interchange, 18,277 vehicles from the Dodangoda interchange, 12,353 vehicles from the Welipenna interchange, 17,502 vehicles from the Kurudugahahethakma interchange, 8,422 vehicles from the Baddegama interchange and 61,446 vehicles from the Pinnaduwa interchange during last month.

The authorities collected the highest income of Rs. 25 million from vehicles which entered the Expressway through the toll centre at the Kottawa interchange. Meanwhile, the toll centres at Kahathuduwa, Gelanigama, Dodangoda, Welipenna, Kurudugahahethakma, Baddegama and Pinnaduwa had earned a revenue of Rs. two million, Rs. five million, Rs. three million, Rs. two million, Rs. four million, Rs. two million and Rs. 22 million respectively.

It is reported that 15,256 vehicles had travelled through the Southern Expressway on December 25 (Christmas day). This is the highest number of vehicles to use the expressway during this period.

http://www.dailynews.lk/2011/12/28/news22.asp

No comments:

Post a Comment