Wednesday, December 28, 2011

ත්‍රි’මලේ උතුරු වෙරළ පාරේ නිවාස රැසක් මුහුදට දිය වෙයි

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද

ත්‍රිකුණාමලය උතුරු වෙරළ පාරේ නිවාස රැසක් මුහුදු ඛාදනයට ලක්වී විනාශ වෙමින් පවතින අතර, අනතුරට ලක්වී ඇති නිවාසවලින් පවුල් කිහිපයක් ඉවත් වී ගොස් තිබේ. පෙරේදා රාත්‍රි (26) මුහුද රළුවීමත් සමඟ මුහුදු ඛාදනය වැඩිවී ඇති අතර, වීරනගරය ප්‍රදේශයේ ධීවර පවුල් බොහෝ ප්‍රමාණයක් රාත්‍රිය ගත කිරීමට ඥාතීන්ගේ නිවාසවලට ගිය බව විවේකානන්ද ධීවර සමුපකාර සමිතියේ සභාපති එම්. වෙට්රිවේල් මහතා පැවැසීය.

සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේ ත්‍රිකුණාමල මුහුද රළුවීමේ ස්වභාවයක් ගන්නා අතර එම වාරකන් කාලය තුළ ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකය පහළ මට්ටමකට වැටේ. නමුත් මෙවර මුහුදේ රළු ස්වභාවය වැඩිවී මුහුදු ඛාදනය දක්වා වර්ධනය වී නිවාස කැඩී යෑමට තරම් දරුණු වී ඇතැයි ධීවර ප්‍රජාව පවසති.




 
ත්‍රි’මලේ උතුරු වෙරළ පාරේ වෙරළ ඛාදනයෙන් නිවෙස්වල පාදම ගැලවී ඇති අයුරු සහ කෝවිලට හානිවී ඇති අයුරු. 

ඡායාරූප - ත්‍රි’මලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද

No comments:

Post a Comment