Friday, December 30, 2011

කන්තලේ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ 6ක් අත්අඩංගුවේ

කන්තලේ සමූහ

කන්තලේ රක්ෂිතයේ දිය උල්පත කැලෑ ප්‍රදේශයේදී පෙරේදා නීති විරෝධී අයුරින් රක්ෂිතයට ඇතුළු වී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන්6 දෙනෙකු අත්අංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් වූයේ එස්. ඒ. චිත්‍ර මංගල ජයසිංහ, ඩී. ජී. ජී. අතුල ආනන්ද (පරකඩුව), පී. ඒ. කුමාරසිංහ (දැරණියගල) ඒ. ඩී. නිශ්ශංක (ගැටහැත්ත) හා කන්තලේ ආර්. එම්. එච්. චමත් ජයසේකර හා කේ. ඩබ්. රවීන්ද්‍ර රත්නායක නැමැත්තන්ය. කන්තලේ මහ වැවේ සිට කිලෝමීටර් 5 ක් පමණ ඈත කන්තලේ රක්ෂිතයේ දිය උල්පත ප්‍රදේශයට ඉහළින් වාඩි 2 ක්ද බැඳ එහි උයා පිහා කමින් මැණික් ගරමින් සිටි මේ සැකකරුවන්6 දෙනා සමග ඒ සඳහා උපයෝගී කර ගත් ඉල්ලම්කූරු, කූඩ,, අලවංගු, උදලු, පිහි ඇතුළු තවත් උපකරණ රාශියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

කන්තලේ වන සංරක්ෂණ කලාපයේ අඩවි වන නිලධාරී යු. ඩී. කරුණාරත්න, අඩවි වන නිලධාරී එස්. ජාගොඩ, වන ක්‍ෂේත්‍ර සහකාර එස්. එච්. චමින්ද යන මහත්වරු සමග කන්තලේ සුරියපුර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.


http://www.dinamina.lk/2011/12/30/_art.asp?fn=r1112302

No comments:

Post a Comment