Thursday, December 29, 2011

මේ වසරේ අලි මරණ 46ට බැහැලා

නුවන් කොඩිකාර

වන අලි පහර දීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පහළ ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව පසුගිය වසරේ වන අලි පහරදීමෙන් පුද්ගලයන් 81 ක් මියගිය බවත්, මේ වසරේදී එය 46 ක් දක්වා අඩු වී ඇති බවත් වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. ජී. කේ. පතිරත්න මහතා ‘දිනමිණ’ ට ප්‍රකාශ කළේය. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වන අලි මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව පවසන ඒ මහතා පසුගිය වසරේ වන අලි 228 ක් මියගිය බවද කීවේය.

වෙඩි තැබීමෙන් වන අලි 75 ක්, හක්කපටස් තැබීමෙන් වන අලි 22 ක් මියගොස් ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ වසරේ වරින් වර ඇදහැළුණු වර්ෂාව හේතුවෙන්ද වන අලි මියගොස් ඇති බවත්, ස්වභාවික මරණද මීට බලපා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


http://www.dinamina.lk/2011/12/29/_art.asp?fn=n1112294

No comments:

Post a Comment