Saturday, December 24, 2011

වැහි වැහැලා වැව් පිරිලා වාන් දමනවා!

තුෂාරී කළුබෝවිල


රජරටට හො`දටෝම වැස්‌සය. වැව් වාන් දමන තරමටම වැස්‌සය. අනුරාධපුරයේත් පොළොන්නරුවේත් වැව් උතුරන්නේය. රජරටට පමණක්‌ නොව, රටටම වැස්‌සය. රට පුරාම වැව් උතුරන්නේය.

වැව් ඉතිරෙන්නේ වාසනාවටය. වැවක්‌ උතුරන විට ඉතිරී පැතිරී ගියේ ගොවීන්ගේ ප්‍රාර්ථනාවන්ය. ලංකාවේ අපට වැස්‌ස සමග පැමිණියේ ජීවිත බලාපොරොත්තුය. එසේ ජීවිත බලාපොරොත්තු ගෙනෙන්නේ කලට වසිනා වැස්‌සය.

රජරට ගොවීන්ට අනුව මේ මෝසම් වැස්‌සය. ඉස්‌සර කාලයේ දෙසැම්බරයට සත් දිනක්‌ වැසි වැටෙන්නේය. ඒ වැස්‌සෙන් අටුකොටු පිරී යන විට රජරට සාරසුබාවට බැබලෙන්නේය. රජරට සරු වන විට රටටම බතින් බුලතින් සරු වන්නේය.

මේ මොහොත වන විට පදවිවැව හැරුණවිට මහාපරිමාණ වැව් විශාල ප්‍රමාණයක්‌ වාන් මට්‌ටමේ පවතී. මධ්‍යම පරිමාණයේ වැව් හතළිස්‌ හයක්‌ වාන් දමමින් තිබේ. පුංචි පුංචි වැව් දාස්‌ ගණනක්‌ පිරී ඉතිරී ගොස්‌ය.

උතුරුමැද පළාත් ප්‍රධාන වාරිමාර්ග අධ්‍යක්‌ෂ වසන්ත පළුගස්‌වැව මහතාට අනුව මේ වන විට වාන් දමමින් ඇති ප්‍රධාන වැව් ගණන හතරකි. මානකට්‌ටිය, මහාකනදරාව, මහා විලච්චිය හා වාහල්කඩය. නාච්චදූවේ දොරටු හයක්‌ද, වාහල්කඩ වැවේ දොරටු දෙකක්‌ ද ලෙස මේ වැව්වල වාන් දොරටු විවෘත කර තිබේ. නාච්චදූව වැවේ වාන් දොරවල් දෙකක්‌ ඇර දමා ඇත. දින හතරක්‌ එකදිගට ඇදහැළුණු වර්ෂාවේ ජලය මේ වැව්වලට පැමිණීම මේ පිරී ඉතිරීයැමට හේතුවයි. වගා කටයුතුවලට ප්‍රමාණවත් ජලය දැන් රජරට වැව්වල පිරී ඇති අයුරු පළුගස්‌වැව මහතා පෙන්වාදෙයි.


Read full article: http://www.divaina.com/2011/12/25/feature03.html

No comments:

Post a Comment