Saturday, December 24, 2011

ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණයට කොරියාවෙන් මුදල්

ජගත් කණහැරආරච්චි

ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය සහ නව තාක්‌ෂණික කසළ රඳවන ඉදිකිරීම සඳහා කොරියානු රජයෙන් රුපියල් ලක්‌ෂ හයදහසක මුදලක්‌ මෙරටට ලැබී ඇතැයි පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි. මෙම මුදල් මගින් විද්‍යානුකූලව කසළ කළමනාකරණය කෙරෙන කසළ රඳවනයක්‌ දොම්පේ ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද, මීට අමතරව ශ්‍රී ලංකාවේ කසළ අර්බුදය ජයගැනීම සඳහා කොම්පෝස්‌ට්‌ නිපදවීම, කසළ තට්‌ටු ක්‍රම මගින් පරිසර හිතකාමී උද්‍යාන සහ කසළ මගින් විදුලිය නිපදවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉකුත්දා මාරවිලදී පැවති පාරිසරික මාධ්‍යවේදී පුහුණු වැඩමුළුවකට එක්‌වෙමිනි.

එහිදී අදහස්‌ දැක්‌වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේ මහනුවර සහ කුරුණෑගල නගර සභා බල ප්‍රදේශවල කසළ බැහැර කිරීමේ ගැටලුවලට 2012 වසරේ දී ස්‌ථිර සාර විසඳුම් ලබාදෙන බවයි. මේ සඳහා රුපියල් ලක්‌ෂ 900 ක්‌ වෙන්කර ඇති බවද හෙතෙම පැවසීය.

http://www.divaina.com/2011/12/24/news05.html

No comments:

Post a Comment