Saturday, December 24, 2011

ඉහළ කොත්මලෙන් රු. කෝටි 1100 ක ලාබයක්

නිහාල් පී. අබේසිංහ

ඉදිකිරීම් අවසන් වී ඇති ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය විදුලිය නිපදවීම ඇරැඹු විට රටට වාර්ෂිකව රුපියල් කෝටි 1100 ක පමණ ප්‍රතිලාභයක් ලැබෙන බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියෙන් ලබන ජනවාරි මාසයේ සිට විදුලිය ලබාදීමට නියමිතය.

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් කෝටි 6000 කට ආසන්නය. මෙම ව්‍යාපෘතියෙන් වසරකට නිපදවන වාර්ෂික බල ශක්ති නිපැයුම ගිගා වොට් පැය 409 කි. එය කිලෝ වොට් පැය (අප භාවිත කරන විදුලි ඒකක) 4090 කි. එක් විදුලි ඒකකයක් රුපියල් 12 ගණනේ විකිණුවොත් ඉන් වාර්ෂිකව ලැබෙන ආදායම රුපියල් කෝටි 409 කි. ඒ අනුව මේ මුළු ව්‍යාපෘතියේ වියදම වන රුපියල් කෝටි 6000 වසර 11 කින් විදුලිය විකිණිමෙන් පමණක් උපයාගත හැකි බව අතිරේක සාමාන්‍යාධිකාරිවරයා කීය.

මීට අමතරව මෙම විදුලි ධාරිතාව පාරිභෝගික ඉල්ලීම අනුව දැනට ලබා දෙනු ලබන්නේ මිල අධික ඉන්ධන දැවීමෙනි. එම විදුලි ප්‍රමාණය දැවීමට ඉන්ධන පිටරටින් ගෙන්වීමට වාර්ෂිකව රුපියල් කෝටි 600 ක් පමණ වැය වේ. ඉහළ කොත්මලේ ජල විදුලිය නිපදවූ විට එම මුදල රට ඇතුළත ඉතිරි වේ. එමෙන්ම ඉහළ කොත්මලේ ව්‍යාපෘතියෙන් තලවකැලේ ප්‍රදේශයේ රුපියල් කෝටියකට අධික යටිතල පහසුකම් ලබා දී ඇත. මේ සියලු කටයුතුවලින් වසරකදී රටට රුපියල් කෝටි 1100 ක පමණ ප්‍රතිලාභ ලැබෙන බව විදුලිබල මණ්ඩලය කියයි.


http://www.silumina.lk/2011/12/25/_art.asp?fn=aa1112255

No comments:

Post a Comment