Tuesday, December 27, 2011

මේ වසරේ ඩෙංගු රෝගීන් 26,007 ක්‌

ඒමන්ති මාරඹේ

මෙම වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මස මේ දක්‌වා වූ කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 26,007 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් 172 දෙනෙකු මියගොස්‌ ඇතැයි වසංගත රෝග අංශය පවසයි.

මේ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 56.48 ක්‌ බස්‌නාහිර පළාතින් වාර්තාවී තිබේ. මෙම දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය තවදුරටත් ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින බව වසංගත රෝග විශේඥ වෛද්‍යවරු පවසති.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් පවසනුයේ පසුගිය වසරට (2010) සාපෙAක්‍ෂව බලන කළ මෙම වසරේ 50 වන සතිය වන විට වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 24 කින් එනම් රෝගීන් 8224 කින් පමණ අඩුවී ඇති බවයි.


http://www.divaina.com/2011/12/27/news05.html

No comments:

Post a Comment