Friday, December 30, 2011

මේ වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන දහය ඉක්මවයි

නුවන් කොඩිකාර

මේ වසරේදී අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන දහය ඉක්මවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසීය.

ඔක්තෝබර් මස අවසන් වන විට අපනයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියන 8.7 පසුකර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ පෙරේදා (28) පැවැති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය ක්ෂේත්‍රයේ අපනයනයන් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයේ තක්සේරු වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

වසර 2015 වන විට අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවීම රජයේ අපේක්ෂාව බවත්, එම ඉලක්කය පහසුවෙන් ජයගත හැකි බවත් හෙතෙම කීවේය.

මෙරට කෘෂි හා කර්මාන්ත අංශයන් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව පවසන ඒ මහතා එය තව තවත් ඉහළට ගෙනයාමට සැලසුම් සකස්කර ඇති බව සඳහන් කළේය.

රුපියල අවපාත කිරීමේ අපේක්ෂාව වූයේ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගැනීම බවත්, ඒ මඟින් හොඳ ඉල්ලුමක් ඇති කර ගැනීමට හැකිවන බවත් සභාපතිවරයා පැවැසීය.


http://www.dinamina.lk/2011/12/30/_art.asp?fn=n1112304

No comments:

Post a Comment