Thursday, December 29, 2011

නියමිත මට්‌ටමට වඩා පාන් තෙතයිලු

ඒමන්ති මාරඹේ - ප්‍රදීප් සමරකෝන්

වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන බොහෝ සුදු පාන්වල අඩංගු තෙතමනය නියම කර ඇති මට්‌ටමට වඩා සියයට 10 කින් පමණ වැඩි මට්‌ටමක පවතින බව පෙනී ගොස්‌ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ආහාර ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ එච්. තිලකරත්න මහතා පැවැසීය.

සාමාන්‍යයෙන් ආහාර පනතෙහි නව රෙගුලාසිවලට අනුව සුදු පාන් ගෙඩියක අඩංගු විය යුතු තෙතමන ප්‍රමාණය උපරිම වශයෙන් සියයට 40 ක්‌ වුවද සිදු කරන ලද වැටලීම්වලදී සියයට 50ක්‌ දක්‌වා වූ තෙතමනයක්‌ සහිත පාන් සොයා ගත් බව ඔහු කීවේය.

පාන්වල අන්තර්ගතව ඇති තිරිඟු පිටිවලට අමතරව වෙනත් පිටි වර්ගයක්‌ පාන් නිපදවීම සඳහා භාවිත කරන්නේ නම් එම නිෂ්පාදනයෙහි නාමය පාන් ඇසුරුමෙහි සඳහන් කිරීම අනිවාර්ය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ආහාර සුරක්‌ෂිතතාව උදෙසා නීතියේ රැකවරණය" පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ භයේ (28 දා) පැවැති සම්මන්ත්‍රණය අමතමින් තිලකරත්න මහතා මෙම කරුණු අනාවරණය කළේය.


http://www.divaina.com/2011/12/29/news04.html

No comments:

Post a Comment