Thursday, December 29, 2011

සී ප්ලේන් කාසල් රී ජලාශයට

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක


හැටන් කාසල් රී ජලාශයේ ජල මට්‌ටම ඉහළ යැමත් සමග සංචාරකයන් රැගත් ප්‍රථම සී. ප්ලේන් යානය ඊයේ (28 දා) දහවල් කාසල් රී ජලාශය මත ගොඩබස්‌සවන ලදි.

කාසල් රී ජලාශය අවට පිහිටි "තරුපහේ" නිවාඩු නිකේතන මේ දිනවල විදේශීය සංචාරකයන්ගෙන් පිරීගොස්‌ ඇති අතර ඊයේ (28 දා) දින කාසල් රී ජලාශය මතට ගොඩ බැස්‌වූ ප්‍රථම සී ප්ලේන් යානයෙන් එංගලන්ත ජාතික පිරිසක්‌ රැගෙන කොග්ගල ප්‍රදේශය බලා ගමන් ඇරැඹීය. මෙම එංගලන්ත ජාතික සංචාරක පිරිස කියා සිටියේ ශ්‍රී ලංකාව ලොව ඇති සුන්දරම රට බවයි. කාසල් රී ජලාශය මතට ප්‍රථම සී. පේලේන් යානය ගොඩ බැස්‌සවූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.


http://www.divaina.com/2011/12/29/news08.html

No comments:

Post a Comment