දෙවුන්දර හා මිරිස්ස ප්‍රදේශයේ ජල ක්‍රීඩා සංගම් ඔවුන්ගේ ජල ක්‍රීඩාවන් ගැඹුරු හා නොගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කරද්දී දෙවුන්දර හා මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් දැකීමෙන් අනතුරුව ක්‍රමයෙන් මේ බව ප්‍රචලිත වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ටර්නි ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේය.
ලෝකයේ තල්මසුන් වර්ග 80ක් පමණ ජීවත් වෙති. එයින් වර්ග 26ක් ශ්‍රී ලංකාව අවට මුහුදේ දැකිය හැකිය. ඔවුන් අතරින් බ්ලූ වේල්ස්,, ස්ප්‍රිම් වේල්ස් හා කිලර් වේල්ස් යන තල්මසුන් වර්ග 3 දෙවුන්දර හා මිරිස්ස වෙරළ තීරයේ දක්නට ලැබේ. ලෝකයේ වඳවී යන සත්ත්ව විශේෂ අතර තල්මසුන් ද ප්‍රධාන තැනක් ගනී. මොවුන්ගේ බෝවීමේ වේගය 5.8%ක් වන විට වඳවීමේ වේගය 3.7%ක් වේ.
තල්මසුන් වඩාත් ප්‍රියකරන ආහාරය කූනිස්සන්ය. තල්මසුන් වඩාත් විශාල සතෙකු නිසාම කූනිස්සන් කෑම වෙනුවට බීම කරනු ලබයි. කූනිස්සන් ගැවසෙන්නේ කොරල් ආශ්‍රිත ප්‍රදේශයේය. දෙවුන්දර මිරිස්ස අවට මුහුදු කලාපය විශාල වශයෙන් කොරල් සහිත කලාපයක් බැවින් කූනිස්සන් ආහාරයට ගැනීම සඳහා තල්මසුන් මේ ප්‍රදේශයේ ගැවසෙන බව ඒ පිළිබඳව කරන ලද පර්යේෂණවලදී තහවුරු කරගෙන තිබේ. තල්මසා ගැඹුරු මුහුදේ ජීවත් වන සත්ත්වයෙකි. විශේෂයෙන්ම දෙවුන්දර, මිරිස්ස අවට මුහුදු කලාපයේ මහද්වීපික පටකය ඉතා පටුය. සැතපුම් කීපයක් යන්නට මත්තෙන් එක්වරම මුහුද විශාල ගැඹුරකින් යුක්ත වේ. මේ හේතුව නිසාත් මෙම ප්‍රදේශය තල්මසුන් ගහනවීමට බලපා තිබේ. දකුණු මුහුදු තීරයට වැටෙන ගංගාවන් ප්‍රමාණය ද දිවයිනේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව ගණනින් වැඩිය. මේ නිසාම ගංගාවලින් ගලා එන පෝෂක ද්‍රව්‍ය ආහාරයට ගැනීමේ හැකියාව ද දකුණු මුහුදු තීරයේ තල්මසුන් ගහන වීමට බලපා තිබේ.

Read full article: http://www.silumina.lk/2011/12/25/_art.asp?fn=af11122513
No comments:
Post a Comment