Tuesday, December 27, 2011

කසළ ගැටළුව විසඳීම නව වසරේ ප්‍රධාන ඉලක්‌කයයි!

පාරිසරික ජනමාධ්‍යවේදීන් සඳහා වූ වාර්ෂික වැඩමුළුවෙන්..


වසරක්‌ ගෙවී වසරක්‌ ලබන්නට තවත් ඇත්තේ දින ගණනකි. ගෙවී යන වසර පරිසරය ගැන ලියු කියු අපට බොහෝ පාරිසරික මාතෘකා සපයා දුන් වසරක්‌ බවට පත්විය. මේවා ගැන කතා කිරීමේදී ඇතැමුන්ගේ හිත රිදෙන්නට ඇති නමුදු ඒ පාරිසරික ෙ€දවාචකයන්ගෙන් "පරිසරය ජයග්‍රහණය අත්කරගත්" අවස්‌ථා ද උදාවිය. එහෙත්, නෑසු කන්ව පරිසරය විනාශ කරමින් සංවර්ධන කාර්යයේ නියුතු වූවන්ද, තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා "පරිසරය බිලි දුන්" උන්ද මේ අතර සිටියහ. උදාවන වසරද මෙවන් පාරිසරික මාතෘකාවලින් ගහන වසරක්‌ වනු ඇති බව අපගේ විශ්වාසයයි. එනිසාම පරිසරය ගැන ලියන කියන පාරිසරික මාධ්‍යවේදියාට ද මේ වසරත් "වැඩදායක" වසරක්‌ වනු නොඅනුමානය.

පාරිසරික මාධ්‍යවේදීන්ගේ හ`ඬ කෙතරම් බලවත් වුයේද යන්න සිංහරාජ අඩවිය ඔස්‌සේ කපා නිම කරන්නට ගිය මාර්ගය නවතා දැමීමට ක්‍රියා කිරීමෙන්ද, සෝමාවතිය වනෝද්‍යානය ප්‍රදේශයේ කෙසෙල් වගා කිරීමේ ව්‍යාපෘතියෙන් අදාළ විදෙස්‌ සමාගම ඉවත්වීමෙන් ද පැහැදිලි විය. එවන් අවස්‌ථාවලදී පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වහා මාධ්‍යයේ හ`ඬට කන්දී කටයුතු කිරීම මෙවන් සටහනක්‌ තබන මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කළ යුතුය. එසේම විශේෂයෙන්ම මෙරටේ මහා පාරිසරික අර්බුදයක්‌ බවට පත්ව තිබු "කසළ" ප්‍රශ්නය විසඳීමට පරිසර අමාත්‍යාංශයත් මධ්‍යම පරිසර අධිකාරියත් මේ දක්‌වා ගත් ක්‍රියාමාර්ග මේ මොහොතේදී පැසසුම් සහගත ලෙස සිහිපත් කළ යුතුය."පිළිසරු" ජාතික වැඩසටහන අරඹා ඒ මගින් කසළ කළමනාකරණයට මේ දක්‌වා සිදුකර ඇති මෙහෙය අතිවිශාලය. කොම්පෝස්‌ට්‌ බඳුන් ලබාදීම, පළාත් පාලන ආයතන කසළ කළමනාකරණය සඳහා යොමුකරවීම ඇතුළු මහා පරිමාණ කසළ රඳවන ඇති කිරීම දක්‌වා මේ මගින් සිදු කරන ලද මෙහෙය සුළුපටු නොවේ. පොලිතින් ප්ලාස්‌ටික්‌ අපහරණයේදී පසු භාවිත ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියෙන් මෙන්ම වර්තමානයේදී පරිසරයට මහත් ව්‍යසනයක්‌ බවට පත්ව ඇති ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය අපහරණයේදී මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය ඉටුකරනු ලබන කාර්යභාරය කිසිසේත් අවතක්‌සේරු කළ නොහැකිය. මේ බව අපට 2011 වසර ගෙවී යන මේ මොහොතේදී නැවතත් ස්‌මරණය කරන්නට සිදුවුයේ පාරිසරික මාධ්‍යවේදීන් සඳහා ඉකුත්දා පවත්වන්නට යෙදුණු වර්ෂාවසාන මාධ්‍යවේදී වැඩමුළුව නිසාය. මාරවිල µdම් බීච් හෝටලය කේන්ද්‍ර කරගනිමින් කල්පිටිය, පුත්තලම, මාරවිල, කුලියාපිටිය ප්‍රදේශ ආශ්‍රිතව දින දෙකක්‌ පුරා වැඩමුළුව පවත්වන්නට යෙදිණි. එය සංවිධානය කර තිබුණේ පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පිළිසරු ව්‍යාපෘතියයි.

"පරිසර සංරක්‍ෂණය ක්‍රියාවලිය පිළිබඳව ජනමාධ්‍යවේදීන් සඳහා වන වාර්ෂික වැඩමුළුව" තේමාව ලෙස ගනිමින් පැවැති මෙම වැඩමුළුව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන සහ දැනුවත් කිරීම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජයවිලාල් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජනරාල් රමණී ඇල්ලේපොල, පසු භාවිත ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ බන්ධුල සරත් කුමාර යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණු අතර, අරමුණු පැහැදිලි කරමින් කතා කළ ජයවිලාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ පරිසර සංරක්‍ෂණය හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් වීම මගින් මහජනතාව දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ බවයි.

කසළ කළමනාකරණයේදී පැනනගින මහජන විරෝධය අවම කිරීම සඳහා ජනතාව නිවැරැදි ලෙස දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය විය යුතු බව ද ජයවිලාල් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී අදහස්‌ දැක්‌වු පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ කසළ බැහැර කිරීම පිළිබඳව පරිසර අමාත්‍යාංශයට හා මධ්‍යම පරිසර අධිකාරියට වගකීමක්‌ නැතත් කසළ බැහැර කිරීමේ ක්‍රමවේද සහ ස්‌ථාන පිළිබඳව තමන් වගකීමෙන් කටයුතු කරන බවයි. කසළ බැහැර කිරීම විද්‍යානුකූල විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය අමතා පැවැසීය.

මෙම වැඩමුළුවට සමගාමීව පුත්තලම හොල්සිම් සිමෙන්ති සමාගම අනුබද්ධ ජියෝසයිකල් සමාගම මගින් සිදු කෙරෙන හානිකර අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය, කුලියාපිටිය පළාත් පාලන ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන කොම්පෝස්‌ට්‌ ව්‍යාපෘතිය මෙන්ම කල්පිටිය - කන්දකුලිය මුහුදේ ඩොල්පින් මසුන් නිරීක්‍ෂණය කිරීමේ සංචාරක ව්‍යාපෘතිය ද නිරීක්‍ෂණයට ලක්‌කෙරිණි.

පරිසරය උදෙසා සුවිශේෂ කාර්ය භාරයක යෙදෙන පාරිසරික මාධ්‍යවේදීන් ඇගයීමට ලක්‌කිරීමේ අවස්‌ථාවක්‌ ද මාරවිල µdම් බීච් හෝටලයේදී සිදුකරන්නට යෙදිණි. ඡායාරූපවලින් දැක්‌වෙන්නේ වැඩමුළුවේ විවිධ අවස්‌ථාය.

ස්‌තුතිය - කැළුම් ගුණතිලක, සුනිල් උඩුකල, දුලාර ගුණතිලක යන මහත්වරුන්ට.


ජගත් කණහැරආරච්චි

http://www.divaina.com/2011/12/27/feature03.html

No comments:

Post a Comment