Saturday, December 31, 2011

අවිධිමත් සියලු සංචාරක නවාතැන් තාවකාලිකව වසා දැමීමට යයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

තංගල්ල වෙරළ තීරයේ ඇති නියමිත සුදුසුකම් සපුරා නොමැති අවිධිමත් හා අක්‍රමවත් සියලු සංචාරක නවාතැන් තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර ඇත.

මෙවැනි සංචාරක නවාතැන්හල් සොයාගැනීම සඳහා තංගල්ල සංචාරක වෙරළ තීරයේ සංචාරක නවාතැන් සහ සේවා සපයන ආයතන පරීක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක්‌ දැන් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, සුරාබදු දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්‌ව සිටින බව වැඩබලන ආර්ථික සංවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි.

අවිධිමත් හා අක්‍රමවත් නියමිත සුදුසුකම් සපුරා නොමැති සියලුම සංචාරක නවාතැන් තාවකාලිකව වසා දැමීමට මේ තුළින් අපේක්‍ෂා කරන අතර සුදුසුකම් සපුරා අවශ්‍ය පහසුකම් හා ගුණාත්මකභාවය ඇති කළ පසු මෙම සංචාරක නවාතැන් සඳහා බලපත් නිකුත් කිරීමක්‌ සිදු කරනු ලබන බවද ඇමැතිවරයා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව තංගල්ල සංචාරක වෙරළ තීරයේ සංචාරක නවාතැන් හා සේවා සපයන ස්‌ථාන පරීක්‍ෂා කිරීමේ මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ බවද ඇමැතිවරයා තවදුරටත් කීවේය.

http://www.divaina.com/2011/12/31/news11.html

No comments:

Post a Comment