Saturday, December 31, 2011

අලුත්ගම කළුතර දුම්රිය ධාවනය හෙට සිට අත්හිටුවයි

ශීලා උඩුවර

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම සිට දකුණු කළුතර දක්වා දුම්රිය ධාවනය හෙට (1) සිට පෙබරවාරි මස 20 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටවනු ලැබේ.

දුම්රිය මාර්ගයේ අලුත්ගම සිට දකුණු කළුතර දක්වා ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා මාර්ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාර්ගය වසා තැබෙන කාලය තුළදී දුම්රිය මගීන්ගේ පහසුව සඳහා අලුත්ගම කළුතර අතර ලංගම බස් රථ ධාවනයට යොදවයි.එම කාලය තුළ කළුතර සිට කොළඹ අතරත් මාතර සිට අලුත්ගම අතරත් දුම්රිය ධාවනය කෙරේ.


http://www.dinamina.lk/2011/12/31/_art.asp?fn=n11123111

No comments:

Post a Comment