Wednesday, December 28, 2011

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයෙන් අනතුරට පත්වන දරුවන්ගෙන් 70% කගේම ඇස්‌වලට හානි

- ජාතික අක්‌ෂි රෝහල කියයි

සිරිමන්ත රත්නසේකර

උත්සව සමයේදී ගිනිකෙළි භාවිතය හේතුවෙන් අනතුරට පත්වන දරුවන්ගෙන් සියයට 70 කගේ අක්‌ෂිවලට හානි සිදුව ඇති බව ජාතික අක්‌ෂි රෝහල සඳහන් කරයි.

ඒ හේතුවෙන් ගිනිකෙළි භාවිතයේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙසත්, ඒවා භාවිත කරන්නේ නම් ආරක්‌ෂක උපායමාර්ග අනුගමනය කරන ලෙසත් අක්‌ෂි රෝහල අවධාරණය කරයි.

පසුගිය උත්සව සමයේදී ගිනිකෙළි භාවිතය හේතුවෙන් ඇසට හානිවී අනතුරට පත් රෝගීන්ගෙන් සියයට 70 ක්‌ පමණ දරුවන් බව ජාතික අක්‌ෂි රෝහල සඳහන් කරයි.

මෙම තත්ත්වය දියුණු රටවල වාර්තා වන ගිනිකෙළි අනතුරුවලට වඩා සියයට 78 කට වැඩි අගයක්‌ බව සඳහන් කරන ජාතික අක්‌ෂි රෝහල ගිනිකෙළි නිසා සිදුවන අනතුරු සියයට 100 ක්‌ වළක්‌වාගත හැකි ඒවා බව ද සඳහන් කරයි.

කිසියම් පුද්ගලයකු ගිනිකෙළි නිසා අනතුරකට ලක්‌වුවහොත් හැකි විගස හදිසි අනතුරු ඒකකය වෙත ගෙනයැම, ඇසට අනතුරක්‌ වී ඇත්නම් ඒ ළඟම ඇති රෝහලේ අක්‍ෂි ඒකකය වෙත ගෙන යැම, ඇසට හානිවී ඇත්නම් එම ඇස අතින් තෙරපීම වැළක්‌වීම, ඇස තදවන සේ ආවරණ නොයෙදීම, බෙහෙත් වර්ග හෝ කිසිදු දියරයක්‌ ඇසට නොදැමීම හා ඇස්‌ සේදීම නොකර සිsටීමට කටයුතු කළ යුතු බව ජාතික අක්‍ෂි රෝහල සඳහන් කරයි.


http://www.divaina.com/2011/12/28/news14.html

No comments:

Post a Comment