Friday, December 30, 2011

ඩීසල් මගින් විදුලිය ජනනය නිසා කෙරවලපිටිය බලාගාරයෙන් රටට කෝටි 50 ක පාඩුවක්‌

ශිරාන් රණසිංහ

කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය වන දැවි තෙල් (අඩු සල්µර් ඉන්ධන) ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව නිසි කලට මිලදී නොගැනීම නිසා මේ වන විට ඩීසල් මගින් එහි විදුලිය ජනනය කිරීමට පටන් ගැනීමෙන් රටට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි පනහකට අධික යෑයි ගණන් බලා තිබේ.

මෙම බලාගාරය මෙගොවොට්‌ තුන් සියයකින් සමන්විත වන අතර අදියර දෙකක්‌ යටතේ බලාගාරය ක්‍රියාත්මක වන බව පැවසුව ද එහි නිපදවන විදුලි ඒකකයක මිල සාමාන්‍ය ඩීසල් බලාගාරයකටත් වඩා වැඩි යෑයි විදුලි ඉංජිනේරුවරු පවසති.

මෙරටට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීම සඳහා කෙරවළපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමට වත්මන් රජය තීරණය කළ ද බලාපොරොත්තු වූ වාසිය මෙම බලාගාරයෙන් නොලැබෙන බවද ඉංජිනේරුවරු පවසති.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව නිසි කලට බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මිලදී ගෙන නොඒම නිසා බලාගාරයේ විදුලි ජනනය සඳහා ඩීසල් නිකුත් කිරීමට තෙල් සංස්‌ථාවට සිදුව ඇත.

කෙරවළපිටිය බලාගාරයට ඉන්ධන ලබාදෙන්නේ රුපියල් 52 ක්‌ වැනි සහන මිලකට බැවින් තෙල් සංස්‌ථාවට දවසකට රුපියල් කෝටි තුනහමාරක පාඩුවක්‌ වන බවද තෙල් සංස්‌ථාව පවසයි. ඒ අනුව පසුගිය සති දෙක පුරාම කෙරවළපිටිය බලාගාරයෙන් විදුලිය ජනනය කර ඇත්තේ ඩීසල්වලින් යෑයි ද එම බලාගාරයේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.


http://www.divaina.com/2011/12/30/news06.html

No comments:

Post a Comment