Thursday, December 29, 2011

ඖෂධ පැළෑටි 250 කින් සපිරි අක්කරයක ඔසු උයනක් ඉංගිරියේ

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

ඖෂධ පැළෑටි දෙසිය පනහකට අධික සංඛ්‍යාවකින් සපිරි ඖෂධ උයනක් ඉංගිරිය රත්නපුර මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ ගිය විට දැකගත හැකි විය.

ඉංගිරිය නගරයේ සිට රත්නපුර මාර්ගයේ ඉදිරියට ගමන් කර 37 වැනි කිලෝමිටර් කණුව ළඟින් වම් පැත්තට හැරී මීටර් 150 ක් පමණ කන්ද නැගි විට දැකගත හැකි මෙම ඔසු උයන තනි පුද්ගලයෙකු විසින් සිය පෞද්ගලික වියදමින් පවත්වාගෙන යනු ලබන අක්කරයක පමණ භූමි භාගයක් පුරා විසිරී ගිය මනාව සැලසුම් කළ ඔසු උයනකි.

මෙහි හිමිකරු වන ජේ. උදයරත්න මහතා පවසන්නේ තමා මේ ඔසු උයන ආරම්භ කළේ අපේ හෙළ ඔසු වර්ග පැළෑටි වර්ග වත්මන් පරපුරට දැක බලා ගැනීමට අවස්ථාවක් සැලැසීමට මෙන්ම එවන් දුර්ලභ ඖෂධ ශාක රැකගැනීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන බවයි.

මේ ඔසු උයන නැරඹීමට සරසවි සිසුන් මෙන්ම ඖෂධ වර්ග ගැන ඉගෙනීමට ඇල්මක් ඇති පිරිස් නිරන්තරයෙන් පැමිණෙන බවද උදයරත්න මහතා පැවසීය.

මේ ඔසු උයනින් සොයා ගැනීමට නොහැකි ඖෂධ ශාකයක් නැති තරම්ය. දැක ගැනීමට නොහැකි ඔසු වැල් වර්ගයක්ද නොමැති තරම්ය.

ඉතා දුර්ලභ සොයා ගැනීමට අසීරු කළු නික ගසක් පවා මෙහි ඇති ශාක අතර වෙයි.


http://www.dinamina.lk/2011/12/29/_art.asp?fn=r1112295

No comments:

Post a Comment