Thursday, December 29, 2011

Saltern of Elephant Pass (2 items)

‘අලිමංකඩ ලුණු’ එන වසරේ මුල් කාර්තුවේ සිට

චින්තා රණසිංහ

අලිමංකඩ ලුණු ලේවායේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර එළඹෙන වසරේ මුල් කාර්තුවේදී එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ලුණු ලේවායේ වැඩ සීමාවන් නීර්ණය කර එහි මැනුම් කටයුතු අවසන් කිරීමටත් නව සිතියමක් සකස් කරන ලෙසත් මැනුම් කටයුතු දෙපාර්තමේන්තුවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් දී ඇත.

අලිමංකඩ ලුණු ලේවායේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇමැතිවරයා ඉකුත් සතියේ නිරීක්ෂණය කළ අවස්ථාවේදී මෙසේ උපදෙස් දී තිබේ. ලුණු ලේවායේ අබලන්ව ඇති පස් බැමි කඩිනමින් සකස් කරන ලෙසද ජලය, විදුලිය, වැසිකිළි, සේවක විශ්‍රාම ශාලා සහ ට්‍රැක්ටර් ඇතුලු උපකරණ සැපයීම සඳහාද කඩිනම් පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

මේ ලුණු ලේවායට අනුබද්ධිත කුරිංජාතීවු ලේවායද නිරීක්ෂණය කළ ඇමැතිවරයා එහිද සීමා බැමි සකස් කර නැවත වැඩ කටයුතු ආරම්භ කරන ලෙසද උපදෙස් දී තිබේ.

ඊපීඩීපි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍රකුමාර්, අලිමංකඩ ලුණු ලේවායේ සභාපති චන්ද්‍රමෝහන් යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/12/29/_art.asp?fn=n1112299


Production at Elephant Pass Saltern to begin next year - Minister Devananda

'Rehabilitation work on the Elephant Pass Saltern will commence soon. Salt production will begin in the first quarter of next year,' Traditional Industries and Small Enterprise Development Minister Douglas Devananda said.

The minister was on an observation tour of the saltern on December 23 with senior officials.

The saltern was completely destroyed by the LTTE.

Devananda said he participated in the observation tour, obtain first hand information about the rehabilitation work needed to recommence the project.

He said that it seemed that everything had to be done from scratch.

He, after instructing the surveyors to carry out a thorough survey and submit him a detailed map of the saltern, instructed the officials to put up earth buns as the existing ones were dilapidated. The minister stressed that everything necessary for recommencement of the saltern needed to be in place during the first quarter of next year.

Devananda later proceeded to observe the Kuringativu Saltern and emphasized the necessity of making available all facilities for the commencement of production of this saltern as well.

The minister said that the salt produced should be of international standard.

http://www.dailynews.lk/2011/12/29/news18.asp

No comments:

Post a Comment