Thursday, December 29, 2011

උතුරු නැගෙනහිර පාසල් නැංවීමට කොරියාවෙන් ආධාර

ලසිත දුමින්ද

කොරියානු රජයේ ආධාර ඇතිව යුනිසෙෆ් ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය එක්‌ව උතුරු නැගෙනහිර නව පාසල් 23 ක ගුරු පුහුණු හා පාසල් කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කොට ඇත.

කොරියානු ජනරජ ආණ්‌ඩුව වෙනුවෙන් කොරියානු අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතන (කොයිකා) අදාළ ව්‍යාපෘතිය සඳහා වසර 4 ක කාල සීමාවකට ඇමරිකානු ඩොලර් මිලියන 227.8 ක මුදලක්‌ වෙන් කොට තිබේ.

උතුරු නැගෙනහිර පළාත්වල පාසල් වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ආධාර ආයතන අරඹා ඇති ව්‍යාපෘති වෙනුවෙන් යුනිසෙෆ් ආයතනයේ අධ්‍යාපන විශේෂඥ දැනුම ලබා ගැනීම, එම පළාත් තුළ ආයතනික හා පුද්ගල ශක්‍යතා වැඩිදියුණු කිරීම මහත් රුකුලක්‌ වන බව කොයිකා ආයතනයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෝ සැන්ස්‌ වූ මහතා සඳහන් කරයි.

ඉගෙනුම් ක්‍රමවේද, පාසල් පාදක කළමනාකරණය, පන්ති කාමර ඇගයීම් උපක්‍රම හා පාසල්වලට සිසුන් පැමිණීමේ හා ඇතුළත් කර ගැනීමේ අවස්‌ථා වැඩි කර ගැනීම ඇතුළු අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නංවාලීමට මෙම කොරියානු ආධාර මගින් හැකිවේ.


http://www.divaina.com/2011/12/29/news18.html

No comments:

Post a Comment