Friday, December 30, 2011

ඛනිජ තෙල් ලොක්‌කෙක්‌ සල්ලි කන වැඩ පිළිවෙළක

'ලංකා ඛනිජ තෙල්' ටෙලිකොම් දුරකථන ඉවත්කර එහි ප්‍රධානියෙකුට අයත් දුරකථන ජාලයක්‌ ස්‌ථාපිත කරලා
- සේවකයෝ පවසති


ශිරාන් රණසිංහ

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ටෙලිකොම් දුරකථන සියල්ල ඉවත් කර එහි ප්‍රධානියෙකුට අයත් දුරකථන ජාලයක්‌ ස්‌ථාපිත කරගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සේවකයෝ පවසති.

මීට අමතරව අදාළ නිලධාරියා සංස්‌ථාවේ වාහන අලුත්වැඩියා කිරීමට ස්‌ථාපිත කොට තිබූ ගරාජය ඉවත්කොට ඔහුට අයත් වත්තල පිහිටි වාහන අලුත්වැඩියා කරන සමාගමකට වාහන ගෙනයන බවද ඔවුහු පවසති.

එසේ අලුත්වැඩියා කළ වාහනද ධාවනය කළ නොහැකි වී තිබෙන අතර වාහන දහයක්‌ අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්‍ෂ අනූහතකට වඩා වැයකර ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

http://www.divaina.com/2011/12/30/news22.html

No comments:

Post a Comment