Friday, December 30, 2011

ගෙවුණු මාස 11 ට උද්භිත උද්‍යාන වලින් මිලියන 311 ක ආදායමක්‌

චමින්ද සිල්වා

මේ වසරේ ගෙවුණු මාස 11 තුළ පේරාදෙණිය, ලග්ගල සහ ගම්පහ යන උද්භිත උද්‍යාන වලින් රුපියල් මිලියන 311.4 ක ආදායමක්‌ ලැබී ඇතැයි ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතා ඊයේ (29 වැනිදා) පැවැසීය.

විදේශ සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 229 ක්‌ද, දේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 67.7 ක්‌ද, මල් සහ පැළ අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 12.2 ක්‌ද, උද්භිත උද්‍යාන වලින් මිලියන 02 ක්‌ද ආදායම් වශයෙන් ලැබී ඇත.

දේශීය සංචාරකයන් 16,94,088 ක්‌ද, විදේශීය සංචාරකයන් 2,13,972 ක්‌ද ඉහත උද්භිත උද්‍යාන තුනට පැමිණ තිබේ. මෙය පසුගිය (2010) වර්ෂය හා සසඳන කල සියයට හතයි දශම අටක වැඩිවීමක්‌ බව ආචාර්ය විඡේසුන්දර මහතා කීය.

2016 වනවිට ලංකාව තුළ උද්භිත උද්‍යාන 10 ක්‌ ඉදිකිරීමට අපේක්‍ෂා කර ඇති බව කී ජයසුන්දර මහතා මේ වනවිට මිරිඡ්ජවිල සහ අවිස්‌සාවේල්ල නව උද්භිත උද්‍යාන ඉදිකිරීම අවසන් අදියරේ පවතින බවද කීය.


http://www.divaina.com/2011/12/30/news21.html

No comments:

Post a Comment