Wednesday, December 28, 2011

Excess salt, sugar and fat cause of most diseases (2 items)

ලුණු, සීනි හා තෙලට ලොල් වූ ශ්‍රී ලාංකිකයෝ ලෙඩට අත වනති

නියමිත ප්‍රමාණයට වඩා භාවිතය දෙගුණයකින් වැඩියි

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලාංකිකයන් විසින් දිනකට පරිභෝජනය කරනු ලබන ලුණු හා සීනි හා තෙල් ප්‍රමාණයන් භාවිතා කළ යුතු ප්‍රමාණය මෙන් දෙගුණයකටත් අධික වීම හේතුවෙන් දියවැඩියාව, හෘද රෝග, ආඝාත (ස්‌ට්‍රොක්‌) ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ පෝෂණ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසන්නීය. දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක්‌ වුවද ශ්‍රී ලාංකිකයින් දිනකට ලුණු ග්‍රෑම් 10.8 ත්, 11 ත් අතර ප්‍රමාණයක්‌ පරිභෝජනය කරන බව හෙළිවී ඇතැයි ද සීනි හා තෙල් ප්‍රමාණයන් පවා නියමිත ප්‍රමාණයට වඩා දෙගුණයකටත් අධික ප්‍රමාණයකින් භාවිත වන බව සමීක්ෂණවලදී පෙනී ගොස්‌ ඇතැයි ද වෛද්‍ය ජයතිස්‌ස මහත්මිය කීවාය.

ශ්‍රී ලාංකිකයින් අතර පවතින අධික ලුණු, සීනි හා තෙල් භාවිතය අවම කරලීම සඳහා නිවසේදී ඉවුම් පිහුම්වලදී එම ද්‍රව්‍ය යොදා ගන්නා ප්‍රමාණයන් අඩුකර ගැනීම මෙන්ම එම ද්‍රව්‍යයන් අධිකව අඩංගු කෙටි ආහාර පාන වර්ග භාවිතය අඩු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඇය එම ද්‍රව්‍යයන් අඩුවෙන් යොදාගෙන සකස්‌ කළ හැකි ආහාර වට්‌ටෝරු ජනතාව අතරට ගෙන යැමට සූපවේදීන්ද කටයුතු කළ යුතු බව අවධාරණය කළාය.

කෙසෙල්, අඹ, ඇපල් වැනි පලතුරු වර්ගවල පවා සීනි අඩංගුවීම නිසා ඒවා දිනකට පරිභෝජනය කරන ප්‍රමාණයද අඩු කළ යුතු බව ඇය සඳහන් කළාය.

ආහාර ද්‍රව්‍ය තෙල් යොදා බැදීම වෙනුවට බේක්‌ කර ගැනීම වැනි ක්‍රම භාවිත කළ හැකි අතර දේශීය රසකැවිලි වර්ග පවා සීනි, තෙල් අඩුකර සාදා ගැනීමට පෙළඹීම මගින් බෝ නොවන රෝගවලට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව අඩු කර ගත හැකි බවද වෛද්‍ය ජයතිස්‌ස මහත්මිය පෙන්වා දුන්නාය.

එළවළු හා මස්‌ මාංශ වර්ග බැදීමේදී පොල්තෙල් අඩු වශයෙන් භාවිත කළ හැකි වුවද එක්‌ වරක්‌ භාවිතා කළ තෙල් නැවත නැවතත් භාවිත කිරීම මගින් කොලෙස්‌ටරෝල් ඉහළ යැමට හේතුවන "ට්‍රාන්ස්‌පැට්‌" ප්‍රමාණය ඉහළ යැම සිදුවන බැවින් එසේ කිරීමෙන් වැළකිය යුතු බවද ඇය අවධාරණය කළාය.

"ලුණු, සීනි අඩුවෙන් - දිවි ගෙවමු සුවයෙන්" යන තේමාව ඊයේ (27 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී මෙම කරුණු අනාවරණය කෙරිණි


http://www.divaina.com/2011/12/28/news09.html


Excess salt cause of most diseases

By Don Asoka Wijewardena

Around 30 per cent of the deaths in the country were due to cardio vascular diseases caused by hypertension, diabetes, cancer and chronic obstruction due to lung diseases.

The root cause of non-communicable diseases could be attributed to high sodium (salt) intake. Fast food such as French fries, dried fish, sauces and various soups contained a high percentage of salt which had been identified as risk factors for cardio vascular diseases, Consultant Community Physician, NCD. Dr. Virginie Mallawaarchchi told a media conference, on the Sudden Increase of Non-Communicable Diseases, held at the Health Education Bureau on December 27.

Dr. Ms. Mallawaarchchi pointed out that salt intake was beginning to rise as people were getting interested in eating fast food. Due to hectic lifestyles, people prefer to consume hamburgers, French fries and various sauces. These food items were made with high percentage of salt which was mainly responsible for causing cardio vascular diseases, she said.

Consultant Nutritionist Dr. Ms. Renuka Jayatissa said that eating was one of the joys of life. But some people were interested in consuming food which contained high percentage of sodium. People were suffering from cardio vascular complications due to excessive consumption of salt. Key factors leading to cardio vascular diseases could be eliminated by reducing the intake of salt and refraining from smoking and excessive consumption of liquor, she said.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=42035

No comments:

Post a Comment