Saturday, December 31, 2011

Southern Expressway - Public Transport and Law (2 items)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම මංගල ගමන 3දා

ශීලා උඩුවර හා පණ්ඩුක සමරසේකර

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මංගල මගී ප්‍රවාහණ සේවය ජනවාරි 3 වැනිදා සුබ නැකතින් ආරම්භ වෙයි. මංගල ගමන් වාරය එදින පෙරවරු 6 ට මහරගමින් ඇරැඹේ. මහරගම සිට ගාල්ල දක්වා එක් මගියකුගෙන් අයකරන මුදල රුපියල් 400කි.

මහරගම - ගාල්ල සහ ගාල්ල - මහරගම දිනකට ගමන් වාර 12 ක් ධාවනය වන බව ලංගම සභාපති එම්.ඩී. බන්දුසේන මහතා කියයි.මහරගමින් උදේ 6ට, 8ට, 10ට පස්වරු 12.30ට, 2.30ට සහ 4.45ටත් ගාල්ලේ සිට එම වෙලාවටම මහරගම බලා පිටත් වෙයි.

මෙම ගමන් සඳහා ලංගම ය සැප බස්රථ දෙකක් රුපියල් දෙකෝටි දහසය ලක්ෂයක් ගෙවා මිලට ගෙන තිබේ. මංගල ගමන් වාරය ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

http://www.dinamina.lk/2011/12/31/_art.asp?fn=n1112317


අධිවේගී පාරේ නීති කැඩුවොත් තරාතිරම නොබලා දඬුවම්

ප්‍රියදර්ශන ලියනගේ

මාර්ග නීති කඩ කරමින් දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියෑදුරන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට දැනුම් දී ඇතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ඊයේ (30 දා) "දිවයින" ට පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා "අධිවේගී මාර්ගයේ සිදුවී ඇති රථ වාහන අනතුරුවලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ උපරිම වේග සීමාව වන පැයට කිලෝ මීටර් 100 සීමාව ඉක්‌මවා යැමයි. ඇතැම් රියදුරන් පැයට කිලෝමීටර් 150 ක පමණ වේගයෙන් රථ වාහන ධාවනය කිරීමට උත්සාහ දරනවා. එම නිසා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න රජය තීරණය කර තිබෙනවායි පැවසීය.

http://www.divaina.com/2011/12/31/news05.html

No comments:

Post a Comment