Saturday, December 24, 2011

ලෝකයේ තත්පර හයකට වරක් මරණයක්

ශ්‍රී ලංකාවේ වසරකට 20,000 ක් මරුට

සාගරිකා දිසානායක

පෙනහළු පිළිකාවලින් 95% ක්ම ඇති වන්නේ දුම්වැටි භාවිතය හේතුවෙන් බව ශ්‍රී ලංකා පිළිකා සංගමය පවසයි. ලෝකයේ සෑම තත්පර හයකට වරක්ම දුම්වැටි හේතුවෙන් එක් පුද්ගලයකු මිය යයි. සෑම වැඩිහිටි 10 දෙනකුගෙන් එක් අයකුට දුම්වැටි නිසා ඇතිවන පිළිකා හේතුවෙන් මියයයි. ශ්‍රී ලංකාවේ දුම්පානය හේතුවෙන් වසරකට මිය යන සංඛ්‍යාව 20,000 ක් පමණ වේ. ලෝකයේ දුම් උරන්නෝ බිලියන එකකට වඩා සිටිති. ඔවුන්ගෙන් 10%ක්ම අඩු ආදායම් ලබන රටවලට අයත් වූවෝය.

හෘද රෝග, ආඝාතය හා පිළිකා ඇතුළු පෙනහළු රෝග රැසකට දුම්වැටි භාවිතය හේතු වේ. ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් 32% ක් හා කාන්තාවන්ගෙන් 0.9% ක් දුම්කොළ භාවිතය කරයි. මෙරට බෝනොවන රෝගවලට හේතුවන සාධක අතරින් දෙවැනි සාධකය වන්නේ දුම්කොළ භාවිතය බැව් සඳහන් වෙයි.

දුම්කොළ භාවිතය සෞඛ්‍යයට අහිතකර බව හැඟවීම සඳහා සිගරට් පැකට් මත රූපමය සෞඛ්‍යය අනතුරු හැඟවීම් ක්‍රියාත්මක කිරීමේ නීතිය 2008 වසරේදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති මහාචාර්ය කාලේ ෆොන්සේකා මහතා කියයි.


http://www.silumina.lk/2011/12/25/_art.asp?fn=aa1112256

No comments:

Post a Comment