නිලධාරීන් ඉහළ වැටුප් ලබද්දී වතු කාර්ය මණ්ඩලය ලබන්නේ අඩු වැටුපක්
- ලංකා වතු සේවක සංගමය
සිරිල් විමලසුරේන්ද්‍ර
තම ඉල්ලීම්වලට ඇහුම් කන් නොදුන්නොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති ධම්මික ජයවර්ධන මහතා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ රටේ ආර්ථිකයේ විශේෂ ස්ථානයක් හිමි වැවිලි කර්මාන්තයේ පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන වතු කාර්ය මණ්ඩලයට තවමත් පවතින්නේ කුඩම්මාගේ සැලකිල්ල බව ධම්මික ජයවර්ධන මහතා පැවසීය.
වතු නිලධාරීන්ටත් දෛනික වැටුප් ලබන කම්කරුවන්ට ඇහුම් කන් දෙමින් වරප්‍රසාද ලබාදෙන නමුත් වතු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව ජයවර්ධන මහතා පැවසීය.
දෛනික වැටුප් ලබන සේවකයන්ගේ දිනක වැටුප 1992 දී ලබාගන්නා වැටුප මෙන් සියයට 712 කින් ඉහළ ගොස් තිබෙන අතර වතු නිලධාරීන් අතර මාසික වැටුප රුපියල් දෙලක්ෂය ඉක්මවා ලබන නිලධාරීන් සිටින නමුත් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප වැඩිවී තිබෙන්නේ ඉතාම ස්වල්ප වශයෙන් යෑයි ජයවර්ධන මහතා පැවසීය.
දෙසැම්බර් මස 13 වැනිදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා වෙත ද තම ඉල්ලීම් ඇතුළු සංදේශයක් බාර දීමට කටයුතු කරගෙන යන බවත් ඉන් පසුව වුවද සැලකිල්ලක් නොදැක් වුවහොත් තීරණාත්මක පියවරක් ගැනීමට තම සංගමයට සිදුවන බවත් ජයවර්ධන මහතා කීවේය.
රාජ්‍ය අංශයේ වැවිලිකරයේ විශාල වශයෙන් දූෂණ කටයුතු සිදුවන ආකාරය ඉතා හොඳින් දැන සිටින නමුත් එවැනි ක්‍රියා අනාවරණය කළත් බලධාරීන් අවශ්‍ය පියවර නොගන්නා බවත් සේවක අර්ථ සාධක අරමුදලට සහ භාරකාර අරමුදලට වතු සේවකයන් වෙනුවෙන් මාස් පතා යොමු කළ යුතු මුදල් වතු පාලකයන්ගෙන් සිදු නොවන බවත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ලංකා වතු සේවක සංගමයේ නිලධාරීන් වූ පියසේන දිසානායක, කේ. ඒ. ආර්. වීරතුංග, ඩී. එච්. එස්. පෙරමුණ සහ ඩී. එච්. මන්තිලක යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවේදී කරුණු ඉදිරිපත් කළහ.
http://www.divaina.com/2011/12/08/news20.html
Estate staff demand pay hike
By Cyril Wimalasurendre
KANDY – Salaries and wages of executives of plantations as well as of the daily paid labourers have been increased by many folds while the salaries of estate staff remained stagnant the President of the Ceylon Estates Staff Union Dhammika Jayawardana told a media conference in Kandy.
The failure on the part of the authorities to respond positively to the representations of the union without delay will compel the union to take stern action to win the demands, Jayawardana cautioned.
Jayawardana said a memorandum containing the demands of the Ceylon Estates staffs union would be presented to Prime Minister D. M. Jayaratne on December 13.
Jayawardana hoped that the Prime Minister would give a fair hearing. If the authorities fail to give solace to the staff the union will be compelled to resort to some severe action, Jayawardana warned.
He said the wages of daily paid workers of plantations were increased by 712 per cent while the salaries of the plantation staff had gone up by only 450 to 500 per cent from 1992.
Some executives of the plantations draw big salaries, Jayawardana noted.
He said that corruption was rampant in the plantations owned by the two State supported plantations and that contributions to the EPF and ETF for the workers of the plantations were not regularly credited by the authorities.
Officials of the Ceylon Estates Staffs Union Piyasena Dissanayake, K. A. R. Weeratunge, D. H. S. Peramune and D. H. Mantilaka also contributed to media briefing.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=40708
No comments:
Post a Comment