Link found between Kohila, rat fever
A person picking kohila (Lacia Aculeata) can be affected by rat fever (Leptospirosis) due to injury caused to the legs by the thorny bristles in their stems and rat urine entering their blood stream, a Health Ministry spokesman said.
"Persons who sell and pick kohila should take tablets available free of charge at all MOH offices," the spokesman said. Over 4,300 rat fever patients had been reported during the past six months and there were 56 deaths during the same period. This is an alarming increase, the spokesman said.
"Last year, only 4,545 rat fever patients and 122 deaths were reported from all parts of the country. In 2009, it was only 4,980 rat fever patients and 145 deaths. But this year, 4,315 rat fever patients and 56 deaths had been reported only during the first six months of the year. This figure could be around 8500 patients by the end of this year," he said.
Vulnerable people such as farmers, persons who clean drains, those who work in mines, marsh lands, dredge canals and persons who swim or play in contaminated water should obtain Doxycychine tablets. They should take two tablets before they start their work. The tablets give around 90 percent protection for one week. Thereafter they should take two tablets again until they finish their work. The public should avoid contaminated water such as flood water. Boiled water should be used, he added.
බලාගෙනයි ! ඒ පාර මී උණ
මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින හෙයින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි. ගත වූ මාස හය ඇතුළත රෝගීන් 4315දෙනකු හා මරණ 56ක් වාර්තා වී ඇති බවත්, ඉදිරි මාස හය ඇතුළත මේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යා හැකි බවත් පවසන අමාත්‍යංශය, රෝගය බෝවීමේ වැඩි අවදානමක් පවතින කුඹුරු වැඩ කරන හා ඇළ වේලි ආශ්‍රිතව රැකියා කරන පිරිස් ඩොක්සිසයික්ලින් නමැති ප්‍රතිජීවක ඖෂධය සතියකට වරක් ලබා ගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකිය යුතු බවත් පවසයි.ඩොක්සිසයික්ලින් ඖෂධය ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් නොමිලේ ලබාගත හැකිය. රෝගය බෝවීමේ වැඩි අවදානමක් පවතින පිරිස් තම පාදවල තුවාල ඇතිනම් කුඹුරු හෝ ඇළ වේලිවලට බැසීමෙන් වැළකිය යුතු බවද අමාත්‍යංශය පෙන්වා දෙයි. ඉහත දැක්වූ අවදානම් ස්ථානවලට අමතරව නිවෙස් ආශි‍්‍රත කොහිලකොටුවලද රෝග කාරක බැක්ටීරියාව පැවැතිය හැකි හෙයින් ඒවාට බැසීමට පෙරද ඉහත ඖෂධය ලබා ගත යුතු බවත් අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.
2009 වසරේදී මී උණ රෝගීන් 4980ක් හා මරණ 145ක් ද, 2010 වසරේදී රෝගීන් 4545ක් හා මරණ 122ක් ද වාර්තා විය. එහෙත් මේ වසරේ ගත වූ මාස හය ඇතුළත පමණක් රෝගීන් 4315ක් හා මරණ 56ක් වාර්තා වී තිබීමෙන් මේ වසරේ රෝගය පැතිර යාමේ ශීඝ්‍රතාවක් පෙන්නුම් කරයි. මේ වසරේ ජනවාරි මසදී රෝගීන් 230ක්, පෙබරවාරි 571ක්, මාර්තු 1615ක්, අප්‍රේල් 960ක්, මැයි 667ක් හා ජුනි 472ක් වශයෙන් වාර්තා වී තිබේ.
No comments:
Post a Comment