Wednesday, July 6, 2011

Poisoning at achool

පාසලේ ජලය පානය කළ දරුවෝ 66 ක්‌ රෝහලට

ශිෂ්‍යයන් 32 යි - ශිෂ්‍යාවන් 34 යි
ජල ටැංකියට වස මිශ්‍ර වී දැයි පරීක්‍ෂණ
හේමන්ත රන්දුණු, අලියාර් මුසාමීල් සහ නූර් දුවාර්ඩ්

සමන්තුරේ දරුසලාම් මහා විද්‍යාලයේ ජලය පානය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 66 දෙනකු ඊයේ (05 වැනිදා) පෙරවරුවේ හදිසියේ රෝගී වීම නිසා ඔවුන් සමන්තුරේ රෝහලට ඇතුළත් කර ඇත.

පාසලට ජලය සැපයූ ජල ටැංකියට කිසියම් විෂක්‌ මිශ්‍ර වී ඇති බවට තොරතුරු ලැබී තිබුණ ද එය ඊයේ දහවල් වනතුරුත් සනාථ වී නොතිබිණි.

පාසලට ජලය සපයා ඇත්තේ එම පාසල් භූමියේම පිහිටි ළිඳකින් බව පොලිසිය පවසයි. පාසලේ ජල ටැංකියේ ජලය සහ ළිඳෙන් ලබාගත් ජලය විශේෂ පරීක්‍ෂාවක්‌ සඳහා යෑවූ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

මෙම සිද්ධිය සැල වූ වහාම සමන්තුරේ රෝහලට සහ දරුසලාමන් පාසල වෙත ගිය අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පොලිස්‌ කණ්‌ඩායමක්‌ පත් කළේය.

දරුසලාන් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1324 දෙනකු අධ්‍යාපනය ලබන අතර ජලය පානය කිරීමෙන් වැඩිපුර අසනීප වී ඇත්තේ පහළ ශ්‍රේණිවල දරුවන්ය.

රෝහල්ගත කළ අය අතර ශිෂ්‍යයන් 32 දෙනකු සහ ශිෂ්‍යාවන් 34 දෙනකු සිටින බව රෝහල් ආරංචි මාර්ග කීය.

මෙම දරුවන් පානය කළ ජලය දුගඳක්‌ හමන බව ද පොලිසිය පවසයි.

ජලය පානය කිරීමෙන් පසු දරුවන්ට වමනය සහ ක්‌ලාන්තය ඇති වී තිබේ. මෙම සිද්ධියෙන් පසු දරුසලාම් පාසල ඊයේ වසා දැමූ අතර එහි ජලය පානය නොකරන ලෙසට ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපදෙස්‌ දී ඇත.

අම්පාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ උපදෙස්‌ මත සමන්තුරේ පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.



Source: http://www.divaina.com/2011/07/06/news01.html


දරුසලාම් විදුහලේ ජල ටැංකියෙන් දිය පානය කළ සිසුහු 75ක් ලෙඩ වෙති


සමන්තුරේ දරුසලාම් මධ්‍ය මහා විද්‍යාලයේ ජල ටැංකියෙන් ඊයේ (05) උදෑසන දිය පානය කළ එම විදුහලේ සිසු සිසුවියන් හැත්තෑපහක් පමණ හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගත කර තිබේ. සිසුන්ට ක්ලාන්තය හා වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ජල ටැංකියට වස මිශ්‍රවී තිබේද යන්න සැක මතුව ඇතැයි සමන්තුරේ පොලිසිය පවසයි.
ඒ සඳහා රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවා තිබෙන අතර ඊයේ (05) පෙරවරුවේ සමන්තුරේ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ජල පරීක්‍ෂාව සඳහා දරුසලාම් විද්‍යාලයට ගොස් පරීක්‍ෂණ කටයුතු අරඹන ලදී. සිද්ධිය පිළිබඳ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ උපදෙස් මත සමන්තුරේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. ඩී. කේ. දහනක මහතා ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

No comments:

Post a Comment