Friday, July 8, 2011

Arsenic Issue: Press Conference 7th July 2011

ආසනික්‌ යම් ප්‍රමාණයක්‌ අඩංගු වූවාට ප්‍රශ්නයක්‌ නැතැයි කියා රජය නීති සම්පාදනය කරමින් සිටිනවා
හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි


තුෂාරී කළුබෝවිල

ආසනික්‌ යම් ප්‍රමාණයක්‌ කෘෂි රසායනික ද්‍රව්‍යවල අඩංගු වූවාට ප්‍රශ්නයක්‌ නැති බවට නීති සම්පාදනය කරමින්a නව ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කිරීමට රජය සූදානමින් සිටින බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ඊට ප්‍රධාන හේතුව දැනට වරායේ ගොඩගසා තිබෙන ආසනික්‌ අඩංගු කෘෂි රසායනික ද්‍රව්‍ය තොග රට ඇතුළට ගැනීම සඳහා බවද රතන හිමියෝ සඳහන් කළහ.

කිසිම හේතුවක්‌ නිසාවත් ආසනික්‌ අංශු මාත්‍රයක්‌ හෝ ශරීරගත නොවිය යුතු බවත් එය අංක එකේ පිළිකා කාරකයක්‌ මෙන්ම දිගුකාලීන රෝග රැසකට ප්‍රධානතම හේතුවක්‌ බවත් වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු කර ඇතැයි රතන හිමියෝ පැවසූහ.

ආසනික්‌ නීතිගත කළ සැණින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත 31000 ක්‌ පමණ විදේශ වෙළෙඳපළ මගින් ප්‍රතික්‍ෂේප කරන බවත්, එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රබල හේතුවක්‌ වන බවත් එහිමියෝ කීහ.

ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් රට ජාතිය මෙන්ම රජයද රැකගැනීම තම උත්සාහය වන අතර මේ රටේ ප්‍රබල විපක්‍ෂයක්‌ නැති බැවින් රජයේ අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා නිවැරැදි කරදීම සඳහා රජයේ නියෝජිතයන් ලෙස තමා ඇතුළු පිරිසට විපක්‍ෂයේ කාර්යය ද ඉටු කිරීමට සිදුවී ඇතැයි රතන හිමියෝ සඳහන් කළෝය.

ආසනික්‌ ශරීරගත වීම නිසා ඉන්දියාවේ ගෝපාල්වල පුද්ගලයන් 16000 ක්‌ මියගිය බව සඳහන් කළ රතන හිමියෝ ආසනික්‌ හා වස විසවලින් තොර දේශීය ගොවිතැනක්‌ සඳහා වගාකරුවන් යොමු කරවීමේ දැවැන්ත වැඩපිළිවෙළක්‌ රට තුළ ක්‍රියාත්මක කරන බවද පැවසූහ.

ඒ සඳහා ''ධාර්මික ගොවිතැන් සඳහා වූ ජාතික එකමුතුව'' මැයෙන් ජාතික සංවිධානයක්‌ද ගොඩනගාගත් බව කීහ.

එහිමියෝ මෙසේ පැවසුවේ ඊයේ (07 දා) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම අවස්‌ථාවට ආසනික්‌ කුමන්ත්‍රණය පැරදවීමේ ජාතික සංවිධාන හා දේශපාලන පක්‍ෂ රැසක එකමුතුවෙන් නියෝජිතයන් සහභාගි විය.



Source: http://www.divaina.com/2011/07/08/news16.html

No comments:

Post a Comment