නොරොච්චෝලේ විදුලි උත්පාදනය අද යළි ඇරැඹීමට හැකිවේවි
ශිරාන් රණසිංහ
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිපදවන මෙගොවොට් දෙසිය අසූවක් යළි ජාතික විදුලි පද්ධතියට එක්‌කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.
ඒ අනුව බොහෝ විට අද (08 වැනිදා) වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය ආරම්භ කිරීමට හැකිවෙතැයි ද විදුලිබල මණ්‌ඩල ඉංජිනේරු වරු පවසති.
මේ වනවිට ප්‍රධාන විදුලි උත්පාදන පහක කටයුතු නතරවීමෙන් මෙගාවොට් නවසියයක් පමණ ජාතික විදුලි පද්ධතියට නොලැබී ගොස් තිබේ.
කෙසේ වෙතත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකි වුවහොත් විදුලි අර්බුදයට තරමක සහනයක් ලැබෙනු ඇතැයිද ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරති.
Source: http://www.divaina.com/2011/07/08/news15.html
No comments:
Post a Comment