(Cities that can tolerate disasters are to be built)
ලසිත දුමින්ද
නගර වැසියන්ගේ සහ සංචාරකයන්ගේ දේපළ හා ජීවිත සුරක්‍ෂිත කරමින් ආපදාවන්ට ඔරොත්තු දියහැකි ලෙස නගර නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ආරම්භ කර ඇත.
එම සුරක්‍ෂිත නගර නිර්මාණ වැඩසටහන යටතේ නගර 15 ක් තෝරාගෙන ඇති අතර එනම් කොළඹ, මඩකලපුව, පුත්තලම, ගම්පොල, බණ්‌ඩාරවෙල, කුලියාපිටිය, හික්‌කඩුව, අක්‌කරෙයිපත්තුව, කළුතර, කල්මුණේ, වැලිගම, තංගල්ල, බලන්ගොඩ, මන්නාරම හා එරාවුර් එම නගර 15 වේ.
එම නගරවලින් ආපදාවන්ගෙන් තොර පූර්වාදර්ශ නගර ලෙස බලන්ගොඩ, මන්නාරම සහ එරාවුර් යන නගර තෝරාගෙන තිබේ. ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්‌ව ක්‍රියාත්මක වේ.
ගංවතුර, සුළි සුළං, සුනාමි, නායයැම් වැනි ආපදාවන්ට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් නගර නිර්මාණය කිරීම, ගිනි ගැනීම් මෙන්ම ස්‌වාභාවික ජල මාර්ග අවහිර කිරීම්, අක්‍රමවත් ආපදාවන් බැහැර කිරීම් වැනි ක්‍රියාවන්ට විසඳුම් ලෙස ඇළ මාර්ග පිරිසිදු කිරීම ක්‍රමවත්ව අපජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ මාර්ග ඇති කිරීම මේ යටතේ සිදු කෙරේ. මෙම වැඩපිළිවෙළට සමගාමීව කොළඹ නගරය තුළ ගංවතුර ඇතිවීමට හේතුවී ඇති ජලය බැසයන ඇළ මාර්ග හා කාණු පද්ධති සකස් කොට ගංවතුර පාලනය වෙනුවෙන් රුපියල් මිලියන 800 ක් වෙන්කර ඇති බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
Source: http://www.divaina.com/2011/07/09/news15.html
No comments:
Post a Comment