කෘෂි රසායනික ද්‍රව්‍ය 9 ක "ආසනික් "අඩංගුයි
- වෛද්‍ය චන්න ජයසුමන
තුෂාරී කළුබෝවිල
කෘෂි රසායනික ද්‍රව්‍ය 9 ක ආසනික් අඩංගු බවට තහවුරු කරන ලද රසායනික පර්යේෂණ වාර්තාව රජයේ පළිබෝධ නාශක රෙජිස්‌ටාර්වරයා විසින් භාරගත් බව ආසනික් පර්යේෂණ කණ්‌ඩායමේ නියෝජිත වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අනුව සුපර් ඩෑෂ් හා හොටර් ඩෑන් යන කෘෂි රසායනික ද්‍රව්‍යවල කිලෝ ග්‍රෑම් 1 කට මයික්‍රෝ ග්‍රෑම් 1457 ක් හා 1022 ක් වශයෙන් ආසනික් අඩංගු බව එම පර්යේෂණය මගින් තහවුරු කර ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි. ඊට අමතරව ඩෙස්‌ට්‍රොයි, ෙµdරඩැන් 3 ජී, උයිසෙක්‌ට්, ටී-36, රවුන්ඩ් අප්, පවර් මේට් හා ඇකියුරේටර් යන කෘෂි රසායනවල විශාල ප්‍රමාණයක් ආසනික් අඩංගු බව හෙළිදරව් කර තිබේ.
රසායනික ද්‍රව්‍ය 31 ක් සම්බන්ධයෙන් පර්යේෂණය සිදුකර ඇති අතර එයින් 9 ක ආසනික් අඩංගු වී ඇත. එම පර්යේෂණය මහාචාර්ය නලින් ද සිල්වා, වෛද්‍ය චන්න ජයසුමන, මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ ඇතුළු කණ්‌ඩායමක් විසින් සිදුකරනු ලැබීය.
එම පර්යේෂණ වාර්තාව පසුගියදා අගමැතිවරයා ඉදිරිපිටදී රජයේ පළිබෝධ නාශක රෙජිස්‌ටාර්වරයා වෙත භාරදුන් බවත් එම වාර්තාව රෙජිස්‌ටාර්වරයා විසින් පිළිගත් බවත් ඊයේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආසනික් පර්යේෂණ කණ්‌ඩායමේ නියෝජිත වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්‌වූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසුවේ, රුපියල් කෝටි ගණනක් වටිනා රසායනික පර්යේෂණ යන්ත්‍ර 5 ක් රජය සතුව ඇති නමුත් ශ්‍රී ලංකාවට ආනයනය කරන කිසිදු ද්‍රව්‍යයක් පිළිබඳ රසායනික පර්යේෂණයක් රජය මගින් සිදු නොකෙරෙන බවයි.
ඊට හේතුව රජය බහුජාතික සමාගම්වලට නතුවීම බවද රතන හිමියෝ පැවසූහ.
Source: http://www.divaina.com/2011/07/08/news06.html
ආසනික් අඩංගු කෘෂි රසායනික ද්‍රව්‍ය 3 ක පමණයි - පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්
http://www.divaina.com/2011/07/08/news07.html
There are 9 pesticides sold in 9 trade names under with these 3 agro-chemicals.
No comments:
Post a Comment