Saturday, July 9, 2011

මාවනැල්ල කොම්පෝස්ට් මධ්‍යස්ථානයේ කසළ ජනතාවට හිරිහැරයක්

රංදිවෙල ගම්මානයට නුදුරු තැනෙක ආරම්භ කැර ඇති කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනු ලබන මධ්‍යස්ථානයේ කැලිකසළ තැන තැන දැමීම නිසා අවට ගම් දනව්වල ජනතාවට බලවත් පීඩා සිදුවෙමින් පවතින බවට ජනතාව මැසිවිළි නගනු ලබති. එම කැළි කසළ ගොඩවලින් බිහිවන මැසි මදුරු කෘමීන්නිසා එම ස්ථානයට ආසන්න නිවෙස්වල වෙසෙන දරුවන් පවා කුෂ්ඨ රෝගයන්ට ගොදුරුව ප්‍රතිකාර ලබා ගන්නා බව මාවනැල්ල රජයේ රෝහලේ වෛද්‍ය වරයෙකුද සඳහන් කළේය.

දැඩි ලෙසට බෝවී ඉන් ඉක්බිතිව ගමින් ගම පැතිරයන මෙම මැසි මදුරු හා කෘමීන් නිසා එලගල්ල මුරුතවල වදමල් දෙනිය නෑපලාන උඩුමහන යටිමහන හා තවත් ගම්මානයන් රාශියක ජනතාව සහ දරුවන්ද යම් යම් කැසීම් හා කුෂ්ඨ දද වන වැනි රෝගයන්ට ගොදුරුව සිටිති.

No comments:

Post a Comment