(a sambur found with abnormal colour)
සේරුනුවර, අරියමංකේණි වන ලැහැබක වළක වැටී සිටි පැහැය වෙනස් ගෝන පැටවෙකු සොයාගැනීමට හැකිවූ බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය කියයි. මවගෙන් වෙන් වී වළක සිටි මෙම ගෝන පැටවා පැහැය වෙනස් වී ඇත්තේ වියළි කාලගුණය නිසා වියහැකි බව අලි පාලන ඒකකයේ වන ජීවි අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාර මහතා පැවැසීය.
තවමත් කිරි පමණක් බොන මෙම ගෝන පැටවා ඉතා සුවෙන් පසුවන අතර දිනකට ග්‍රෑම් 400 ක කිරි පැකට්ටුවක කිරි දින එකහමාරක් බොන මෙම ගෝන පැටියාට තවත් මාස දෙකක කාලයක් කිරි ලබාදී කැලයට හුරු කිරීමෙන් පසු මුදාහැරීමට නියමිතය. එතෙක් මෙම ගෝන පැටවා රැකබලා ගැනීම සඳහා ගිරිතලේ පිහිටි වන ජීවි පශු වෛද්‍ය කාර්යාලයට යොමු කෙරිණි. වන ජීවි අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාර, වනජීවි නියාමකවරුන් වන ධම්මික වනසිංහ, පූර්ණ නවරත්න, උපුල් ජානකි රියදුරු කේ. එම්. පත්මසිරි සිවිල් ආරක්ෂක භටයන් වන සංජය, ප්‍රියන්ත, සමන්, පුලස්ථි, ජයතිස්ස යන නිලධාරීහු ගෝන පැටවාගේ ජීවිතය බේරාගැනීමට දායක වූහ.
![]() වනජීවි නිලධාරීන් විසින් පැහැය වෙනස් ගෝන පැටවාට කිරි පොවද්දී. ඡායාරූපය – ත්‍රි/මලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද |

No comments:
Post a Comment