Thursday, July 7, 2011

Cigarettes & liquor kill 7875 a month!

කුමන හෝ හේතුවක්‌ මත දිනකට මියයන සංඛ්‍යාව 950 ක්‌
මත්පැන් හා දුම්වැටි නිසා මාසයකදී 7875ක්‌ මියයති

අජිත් අලහකෝන්

මත්පැන් සහ දුම්වැටි භාවිතය නිසා මාසයකට ශ්‍රී ලාංකිකයන් හත්දහස්‌ අටසිය හැත්තෑ පස්‌දෙනකු (7875) මරණයට පත්වන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ පැවැති උත්සවයකදී කීය.

ඒ අනුව දිනකට පුද්ගලයින් 263 දෙනෙකු මත්පැන් හා දුම්වැටි නිසා මියයන බව කී ඇමැතිවරයා කුමක්‌ හෝ හේතුවක්‌ නිසා දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 950 ක්‌ (මසකට 28500 ක්‌) මියයන බවද පැවැසුවේය.

මත්පැන් හා දුම්වැටි භාවිතය නිසා මියයන අයගේ මරණයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ හෘදයාබාධ, පිළිකා සහ ආඝාතය යෑයිද කී ඇමැතිවරයා රජය මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කළද

අධික ලෙස මත්පැන් හා දුම්වැටි භාවිතය බරපතල ලෙස සිදු වන්නේ යෑයිද පැවැසීය.

කෙසේ වෙතත් මාසයකට සිදුවන උපත් සංඛ්‍යාව 36000 ක්‌ පමණ වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.



Source: http://www.divaina.com/2011/07/07/news01.html

No comments:

Post a Comment