අගමැති කාර්යාලය මගින් ආසනික් ගැන හෝ රජරට වකුගඩු රෝගයට අදාළව නිකුත් කරන කිසිදු නිවේදනයක් පිළිබඳව තමන්ගේ වගකීමක් නොමැති බව කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කණ්‌ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ(
පසුගිය ජුලි 04 වැනිදා පස්‌වරු 1.30 සිට 5.00 දක්‌වා අගමැති කාර්යාලයේදී අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දැනට උද්ගතව ඇති ආසනික් ප්‍රශ්නය පිළිබඳ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලද කණ්‌ඩායම්වල සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවේදී ගත් තීරණ හා නිගමන පිළිබඳව පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීමට අගමැති ලේකම්වරයා කටයුතු කරන බවත් එයට පෙර එම නිවේදනය අපේ එකඟත්වය සඳහා එවන බවත් ප්‍රකාශ කෙරිණි.
එසේ වුවද මේ දක්‌වා (ඊයේ (06 දා) පෙරවරුව) එවැනි නිවේදනයක කෙටුම්පතක් අපවෙත ලැබී නොමැති බව ද අපේ එකඟත්වයෙන් තොරව අගමැති කාර්යාලයෙන් ආසනික් ගැන හෝ රජරට වකුගඩු රෝගයට අදාළව හෝ එවන කිසිම නිවේදනයක් පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ අදාළ පර්යේෂණ කණ්‌ඩායමේ වගකීමක් නැති බවද මෙයින් දන්වමි.
Source: http://www.divaina.com/2011/07/07/news27.html
Report on this meeting published in Lanka C News:
පළිබෝධනාශක රෙජිස්ටාර් අගමැති ඉදිරියේ සියල්ල වමාරයි.
- තවත් පළිබෝධනාශක 9 ක ඉහළ ආසනික් ප්‍රතිශතයක් තිබුනා- පළි. රේ.
- අගමැති ඉදිරියේදී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියගේ ද දිව ගොළුවේ.
- වකුගඩු රෝගීන්ගේ මුත්‍රා සාම්පල වල අධික ආසනික් ප්‍රතිශතයක් තිබුණා – ලෝක සෞඛ්‍ය සංවිධානය
අග්‍රාමාත්‍යය ලේකම්වරයා, තවත් අමාත්‍යංශ අටක ලේකම්වරුන්, රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසානික් නොව වෙනත් හේතු යැයි අදහස් ඉදිරිපත් කළ විවිධ පරික්‍ෂණ කණ්ඩායම්, රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පවසා සිටින ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායමේ පිරිසක්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ විශේෂ නියෝජිත ඉන්දියානු ජාතික වෛද්‍ය මේතා, පළිබෝධනාශක රෙජිස්ටාර් අනුර විජේසේකර, බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂක, හාල් වලද ආසනික් ඇතැයි මීට පෙර සොයාගනු ලැබූ පර්යේෂකයින් පිරිසක්, කෘෂිකර්ම සහ විවිධ අමාත්‍යංශ වලට අදාල අතිරේක ලේකම්වරුන්, භූගර්භ විද්‍යා අංශයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, රසායන විද්‍යා අංශවල විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, රජරට වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පත්කළ පරික්‍ෂණ කණ්ඩායමේ ප්‍රධානී මහචාර්ය ජනිතා ලියනගේ සහ වෛද්‍ය උපාලි සමරජීව යන ලෙස වූ අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ආසනික් සම්බන්ධව වන සිද්ධිදාමය පිළිබඳව කරුණු දැක්වීමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දී. මූ. ජයරත්නය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (04 වැනිදා) සවස් වරුවේදී අග්‍රාමාත්‍යය කාර්යාලයේදී පවත්වා ඇත.
මෙම කරුනු දැක්වීමේ සාකාච්ඡාවේදී ප්‍රථමයෙන්ම අදහස් දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත ඉන්දියානු ජාතික වෛද්‍ය මේතා තම අදහස් දැක්වීම මෙසේ ආරම්භ කර ඇත.
“ලංකාවේ රජරට ප්‍රදේශය පුරා පැතිර යන නිදන්ගත වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීමට අදාල පරික්‍ෂණයන් සිදුකරන පිරිස් සඳහා වසර ගණන සිට අති විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇත. ඒ සඳහා විශේෂ පර්යේෂණ කණ්ඩායමක් ද පත්කර ඇත. එහෙත් එම පර්යේෂකයින්ට අදවන විටත් රජරට වකුගඩු රෝගයට නිශ්චිත හේතුව කුමක්දැයි සොයාගත නොහැකි වී ඇත. එහෙත් පසුගිය කාලයේ එක්තරා ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායමක් විසින් මෙම රෝගයට හේතුව කෘෂිරසායනික හරහා පැමිණෙන ආසනික් බව ප්‍රකාශ කර ඇත. මෙම ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායම විසින් සඳහන් කරන හේතුකාරක දැනගැනීමේ රිසියෙන් පසුව අපි විසින්ද විශේෂ අවධානයක් යොමු කළෙමු. ඒ අනුව රජරට වකුගඩු රෝගීන් 650ක ගේ මුත්‍රා සාම්පල ලබාගෙන එම මුත්‍රා සම්පල්වල ආසනික් අඩංගුව ඇද්දැයි පරික්‍ෂා කිරීම සඳහා බෙල්ජියමේ පිහිටි විශේෂ පරික‍්‍ෂණාගාරයකට යැවීමට අපි කටයුතු කළෙමු. මේ වන විට අපට ලැබී ඇති මූලික වටයේ පරික්‍ෂණ වාර්තාවලට අනුව එම මුත්‍රා සාම්පල්වල අධික ආසනික් ප්‍රතිශතයක් අඩංගු බව සඳහන් වේ.”
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරීයා විසින් මෙසේ සිය අදහස් ප්‍රකාශ කරන විට පළිබෝධනාශක රෙජිස්ටාර් අනුර විජේසේකර සහ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය බිම බලාගෙන සිටි ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයාගේ මෙම කරුනු දැන්වීම පිළිබඳව ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායමට යම් කුකුසක් ඇති වී ඇති අතර ඔවුන් මේ පිළිබඳව ඔහුගේ ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත්වී ඇත.
මෙහිදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මූලීක වටයේ පරික්‍ෂණ යනුවෙන් කුමක් අදහස් කරන්නේ දැයි ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයාගෙන් විමසා ඇති අතර, සම්පූර්ණ පරික්‍ෂණ වාර්තාව ලැබෙන තුරු ඒ පිළිබඳව තමාට දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු ඊට පිළිතුරු වශයෙන් පවසා ඇත. මූලික පරික්‍ෂණ ප්‍රතිඵල යැයි සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ආසනික් ප්‍රශ්නයද, පළමුව ඔවුන්ගේ අතට ගෙන දෙවනුව එය එසේ නොවේ යැයි අවසාන පරික්‍ෂණ වලින් හෙළිවූවා යැයි ප්‍රකාශ කිරීමේ කූට උපක්‍රමයක් නැවතත් දියත්කර ඇද්දැයි සැකයක් මතුවන බව මෙහිදී ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායම විසින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශකරන වාරයේදී නැවතත් පෙන්වා දී ඇත.
කෙසේ හෝ මෙම සාකච්ඡාව ආරම්භ වී විනාඩි 20කට පසුව ශාලාවට ඇතුල් වී ඇති පිළිබෝධනාශක රෙජිස්ටාර් අනුර විජේසේකර මහතා සිය දේශනය ආරම්භ කර ඇත.
ඔහු විශාල ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් දත්ත සහ වගු පෙන්වමින් සිය මෙහෙයුම අරබා ඇත.
“පළිබෝධනාශක 9ක ඉහළ ආසනික් ප්‍රතිශතයක් අඩංගුව තිබුණා.” යැයි ඔහු බයාදු ලෙස සිය දේශනය මැදදී පවසා ඇත.
එසේ නම් පළිබෝධ නාශක 2 ක පමණක් ආසනික් සුළු වශයෙන් අඩංගුව පැවැති බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේ ඇයි දැයි ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායම විසින් ඔහුගෙන්ද ප්‍රශ්න කර ඇත. එහෙත් ඔහු එයට පිළිතුරු නොදී ඔහුගේ කරුණු දැක්වීම දිගටම කරගෙන ගොස් ඇත.
මෙහිදී ඔහු මෙම කරුනු දැක්වීමේදී පලිබෝධ නාශක 9ක ආසනික් අඩංගුව තිබූ බව පිළිගෙන ඇත්තේ මෙසේය.
මීට පෙර පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් පළිබෝධනාශක 2 ක පමණක් ආසනික් අඩංගුව තිබු බව පවසා එම පළිබෝධනාශක දෙක පමණක් තහනම් කර තිබිණද, රවුන්ඩප් යන පළිබෝධනාශකයේද ආසනික් අඩංගුව පැවැති බව ඔහු විසින් පිළිගෙන ඇත.
එපමණක් නොව, ඊට අමතරව තවත් පළිබෝධනාශක වෙළඳනාමයන් 6ක ද, ආසනික් අඩංගුව පැවැති බව ඔහු විසින් සඳහන් කර ඇත.
මෙහිදී ඔහු විසින් පිළිගත් කරුණු අතර තවත් පුදුමය ගෙන දෙන්නා වූ කරුණක්ද සඳහන් කර ඇත. එනම්, ඇතැම් පළිබෝධනාශක වල ආසනික් ප්‍රතිශතය ලීටරයට මයික්‍රෝග්රෑම් 1,400 කට (1,400 μg/l) වඩා අධික වූ ආසනික් ප්‍රතිශතයක් අඩංගුව පැවැති බව ඔහු විසින් ඇඟට පතට නොදැනිම පවසමින් පිළිගෙන ඇත. ඔහුගේ මෙම ප්‍රකාශ තුළ ශිෂ්ඨ සමාජය තුල ඔහුට මෙම නිලය තවදුරටත් දැරිය හැකිද යන ප්‍රශ්නයක් මතුවන බව පමණක් සඳහන් කරමු.
ඔහු ඇතුළු පිරිස මීට පෙර රටට පැවසුවේ කුමක්ද, පුවත්පත් සාකච්ඡා පවත්වමින් තමන් විසින්ම පුවත්පත් වලට ලිපි ලියමින් කරගෙන ගිය වංචාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයා විසින් ගෙන හැර දැක්වූ යම් යම් කරනු කාරනා තුළ තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ඔහු ඇතුළු පිරිස පසක් කරගෙන ඇති නිසාවෙන් මෙසේ ඔහුට යම් පමණකට සත්‍ය හෙළිකිරීමට සිදුවූ බව අප වෙත ලැබුනු විශ්වාෂදායි වාර්තා තවදුරටත් කියා සිටියි. ආසනික් අඩංගු පළිබෝධනාශක 28 ක ලැයිතුවක් ස්වාධීන පරීක්‍ෂණ කණ්ඩායම විසින් ඔහු වෙත මීට පෙර ලබාදී තිබූ අතර, එම ලැයිස්තුවේ පළිබෝධනාශක දෙකක පමණක් ආසනික් අඩංගුව පැවැති බව ඔහු රටට ප්‍රකාශ කර සිටියේ ය. ඔහු එය සනාත කිරීම සඳහා දී අයිලන්ඩ් පුවත්පතට ඔහුගේම ලිපියක් පළකර තිබින. එහෙත් එම ලිපියේ ඔහුට නොදැනිම අමුණා තිබූ වගුවේ පළිබෝධනාශක 3ක ආසනික් අඩංගු බව සදහන්ව තිබින. අදවන විට කල් මරමින් සහ විවිධ ප්‍රෝඩාකාරී ක්‍රියාවන් දාමයක් සිදුකිරීමෙන් අනතුරුව පළිබෝධනාශක 9ක ආසනික් අඩංගුව පැවැති බව ඔහු පිළිගෙන ඇත. එහෙත් පළිබෝධනාශක 28කම අධික ආසනික් ප්‍රතිශතයක් අඩංගුව පවතින බව ස්වාධීන පරික්‍ෂණ කණ්ඩායම නැවත නැවතත් පුන පුනා ප්‍රකාශකර සිටිති. එසේ නම් ඔහුගේ මෙම පළිබෝධනාශක 9ක ආසනික් පැවැති බව හීනෙන් අවධිවූවා සේ කරන ප්‍රකාශයද පිළිගත නොහැකි බව අපගේ වැටහීමයි. මෙම පිළිගැනීම තුළඳ යම් කිසි සැක සහිතය ක්‍රියාදාමයක් පවතින බව අපගේ ඊළඟ අවබෝධයයි.
කෙසේ හෝ, ඔහු මෙහිදී ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඉතා බයාදු ස්වරූපයෙන් කථා කළ බවද අපට ලැබී ඇති වාර්තා වලින් කියැවේ. එහෙත් මෙවැනි වගකිවයුතු නිලයක් දරන්නා වූ රටට වගකිවයුතු නිලධාරීයෙකුගේ මෙම හැසිරීමට එරෙහිව කිසිදු නීතියක් මේ වන තෙක් ක්‍රියාත්මක නොවීම නම් අපට විශාල ප්‍රශ්නයකි. මෙවැනි නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට බලකළ යුතු කාලය පැමිණ ඇති බව පමණක් සියළු ජාතිමාමක බහුවිධ සංවිධාන වලට අපි අවධාරනය කරමු.
මෙහිදී තවත් විශේෂ සිද්ධියක් ද සිදුව ඇත. එනම් ලංකාවේ රජරට වකුගඩු රෝගයට හේතුකාරක සෙවිම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුපියල් කෝටි 4,000 ක (මෙම මුදල රුපි. කෝටි 400 ක් ලෙස අපගේ ඇතැම් වාර්තාවල වැරැදියට සඳහන් වුවද එම මුදල රුපියල් කෝටි හාරදහසක් බව පසුව දැනගන්නට ලැබිනි.) මුදලක් ලබාගත් පරික්‍ෂණ කණ්ඩායමේ නායිකාව වන මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය මෙහිදි කිසිදු කරුනක් සඳහන් කිරීමට ඉදිරිපත්ව නොමැති විම එම විශේෂ සිදුවීම වේ. පසුගිය දිනවල ඇය විසින් හැසිරුණු ආකාරය බලන කළ මෙයද යම් කුකුසක් ඇති කරන සිද්ධියකි.
තවද, මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති හාල් වල ආසනික් ඇතැයි මීට වසර කිහිපයකට පෙරදී සොයාගනු ලැබූ පර්යේෂකයින් පිරිස විසින් විශේෂ කරුනු දැක්වීමක් සිදුකර ඇති බවද වාර්තා වේ. එම විශේෂ කරුනු දැක්වීම කුමක්ද යන්න දැනට දැනගන්නට නොමැත.
අවසාන වශයෙන් මෙම සාකච්ඡාව හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔවුන් විසින් සිදුකළ මූලීක වටයේ පරික්‍ෂණ වලදී ඉහළ ආසනික් ප්‍රතිශතයක් වාර්තා වූයේ යැයි සඳහන් කිරීමේ කාරණාව පිළිබඳව විශාල සැකයක් අපටද මතු වන බව සඳහන් කළ යුතුමය. ඔවුන්ද යම් උපක්‍රමයක් සඳහා“මූලික වටයේ” යන වාක්‍ය කණ්ඩය භාවිතා කරමින් සිටින්නේ දැයි සොයාබැලිය යුතුව ඇත.
ආසනික් අඩංගු කෘෂි රසායනික භාවිතය හේතුවෙන් රජරට පානීය ජලයේ ආසනික් අඩංගුව ඇත්නම් සහ එම රෝගින් මෙම ජලය පානය කරන්නේද නම් සහ එම රෝගීන්ගේ මුත්‍රා වලද ආසනික් අඩංගුව ඇත්නම් මොවුන්ගේ සිරුරු වලට ආසනික් පැමිණින්නේ කෘෂි රසායනික වලින්ම බව පැවසීමට තවත් නම් අංජනම් බැළිය යුතුද? තවත් කී දහසක් මිය යන තුරු මෙම සෙල්ලම කරගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුදල් පොම්බ කිරීමට සිතා සියින්නේ ද? ඔවුන් දිගින් දිගටම මෙසේ අති විශාල මුදලක් පොම්ප කරන්නේ කුමන අරමුණක් සඳහාද? මෙම අරමුණ පිටුපස සැඟවුණු සමූල ඝාතනයක් ක්‍රියාත්මක නොවන්නේ ද? මේවා ඉදිරියේදී රටට අනාවරණ වනු ඇතැයි අපි බලාපොරොත්තු සිතින් යුතුව විශ්වාස කරන්නෙමු.
කෙසේ හෝ මෙම සාකච්ඡාව අවසානයේ දී අග්‍රාමාත්‍යය කාර්යාලය විසින් මෙම සාකච්ඡාව පිළිබඳව විශේෂ ඒකාබද්ධ මාධ්‍යය නිවේදනයක් අද දිනය තුළ දී ප්‍රකාශ කිරීම සඳහා සැලසුම්කරගෙන සිටින බවද අප වෙත වාර්තා වේ.
- සහන්
No comments:
Post a Comment