Thursday, July 7, 2011

Power crisis ...

විදුලිය කැපුවේ නැතත් අවශ්‍ය තරම් නිපදවන්න බෑවිදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය
ශිරාන් රණසිංහ

පසුගිය කාලයේ මෙන් විදුලිය කපාහැරීමේ ක්‍රියාවලියක්‌ රජය ආරම්භ කර නැති මුත් අවශ්‍ය තරමට විදුලිබලය නිෂ්පාදනය කළ නොහැකි වීමෙන් මතුවන තාක්‌ෂණික ගැටලු නිසා වරින් වර ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුවන බව විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් නිපදවන මෙගොවොට්‌ තුන්සියක්‌ද, කෙරවළපිටිය බලාගාරයෙන් නිපදවන මෙගොවොට්‌ තුන්සියයක්‌ද, කැලණිතිස්‌ස බලාගාරයේ ද්විත්ව චක්‍රීය බලාගාරයෙන් නිපදවන මෙගොවොට්‌ එකසිය පනහක්‌ද ජාතික විදුලි පද්ධතියට අහිමිව තිබේ. ඊට හේතුව එම බලාගාරවල තාක්‌ෂණික දෝෂ හා අවශ්‍ය µර්නස්‌ තෙල් වර්ගය නොලැබීයැම බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව කාසල්රී හා මාවුස්‌සාකැලේ, විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටමද ශීඝ්‍රයෙන් පහළ යැම නිසා ජල විදුලි නිෂ්පාදන හැකියාවද සියයට හතළිස්‌ පහේ සිට සියයට විස්‌ස පමණ දක්‌වා අඩුවී තිබේ.

කලින් කරන සැලසුමකට අනුව විදුලිය කපාහැරීමක්‌ සිදු නොකරන මුත් සවස 6.00 සිට රාත්‍රි 9.30 අතර කාලයේ ඇතිවන අධික විදුලි ඉල්ලුම සපුරාලීමට නොහැකි වී ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් සිදුවන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලිය අරපරිස්‌සමින් පාවිච්චි කරන ලෙසත් සිදුවන අපහසුතා පිළිබඳව කනගාටු වන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. ඉදිරි සතිය වනවිට නොරොච්චෝල බලාගාරයෙන් නිපදවන මෙගොවොට්‌ 300 ලබාගෙන මෙම විදුලි අර්බුදයට පිළියම් යෙදීමට සැලසුම්කර ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.



Source: http://www.divaina.com/2011/07/07/news10.html

No comments:

Post a Comment