බියගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් කඩවත පහළ බියන්විල බටහිර මහවෙල්යායේ සල්ගහකුඹුර ඉකුත්දා නිසි අවසරයකින් තොරව කුඹුරු හිමියා විසින් ගොඩකිරීමත් සමඟම අදාළ නිලධාරීන් හා පොලිසිය වහාම ක්‍රියාත්මක වීමෙන් කුඹුරු හිමියාට නැවත කුඹුරු ඉඩමෙහි ගොඩකළ පස් ප්‍රමාණය ඉවත් කිරීමට සිදුවී ඇත.
කොළඹ නුවරපාරට ආසන්න ඉහළබියන්විල මහවෙල්යායේ රූඩ් 2ක ප්‍රමාණයක් මෙසේ අනවසරයෙන් ගොඩකරමින් තිබීම දැනගත් විගස එම වසමෙහි අදාළ කෘෂිකර්ම නිලධාරිවරයා කඩවත පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය හා එක්ව අදාළ කුඹුරු හිමියාට කුඹුරු ඉඩමක් අනවසරයෙන් ගොඩකළ නොහැකි බව පෙන්වාදීමෙන් පසු එදිනම ගොඩකළ පස් ප්‍රමාණය කුඹුරු හිමියා විසින් ඉවත්කිරීමට කටයුතු කර ඇත.
මහින්ද චින්තනයට අනුව රට සියලු භෝගවලින් ස්වයංපෝෂිත කිරීමට ‘දිවි නැඟුම’, ‘අපි වවමු රට නගමු’ ආදී නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මකව ගොවියාට පොහොර සහනාධාරය ලබාදෙන අවධියක කුඹුරු ඉඩම් මෙසේ අනවසරයෙන් ගොඩකිරීමට කටයුතු කිරීම අන් අයගේ වගා කටයුතුවලටත් බාධාවක් බවත් අදාළ නිලධාරීන් කඩිනමින් ඒ සඳහා පිළියම් යෙදීම පැසසිය යුතු බවත් මෙම වෙල්යායේ ගොවි මහත්වරු කියා සිටිති.
No comments:
Post a Comment