Thursday, July 7, 2011

Iodine in salt: legal issues for salt with low iodine

නියමිත ප්‍රමාණයට අයඩින් නැති ලුණු අලෙවි කළොත් දඬුවම්


වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලුණුවල අඩංගු අයඩීන් ප්‍රමාණය 15%ත්, 30% ත් අතර ප්‍රමාණයේ නොවුණහොත් එම ලුණු නිෂ්පාදකයන්ට හා අලෙවිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

දැනට වෙළෙඳපොළේ අලෙවිය සඳහා තිබෙන ලුණුවලට අයඩීන් මිශ්‍රකර නොමැති බව තහවුරු වී ඇත. මේ නිසා අයඩීන් සහිත දුණු භාවිතය 90%සිට සියයට 68% දක්වා පහළ වැටී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට සති දෙකකට පෙර සිදු කළ නිරීක්ෂණවලින් හෙළි වී තිබේ. මිනිස් සිරුරට අවශ්‍ය අයඩීන් ප්‍රමාණය ලබා ගැනීමට තිබෙන පහසුම ක්‍රමවේදය ලුණුවලට අයඩීන් මිශ්‍ර කිරීම නිසා අයඩීන් සහිත ලුණු භාවිතය නීතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ප්‍රමිතියෙන් තොර ලුණු අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පවරා ඇත.

වෙළෙඳපොළේ අලෙවියට ඇති සියලුම වෙළෙඳ නාමවලින් යුත් ලුණු මාස තුනකට වරක් පරීක්ෂාවට ලක්කරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇත.
ලුණුවලට අයඩීන් මිශ්‍ර කිරීම පිළිබඳ පවතින නීතියට අනුව අයඩීන් මිශ්‍ර කිරීමට නිෂ්පාදකයන් පියවර ගත යුතු යැයි ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩා හා මහා පරිමාණ ලුණු නිෂ්පාදකයන්ට උපදෙස් ලබාදී ඇත.
මෙරට පුද්ගලයන්ගේ අයඩීන් ඌණතාව බහුලව දක්නට ලැබෙන බවද අමාත්‍යාංශය පවසයි.

ලුණු කොටස් දස ලක්ෂයකට අයඩීන් කොටස් 15ක් 30ක් දක්වා ප්‍රමාණයක් තිබිය යුතු අතර, එම ප්‍රමාණය 30ට වඩා වැඩි වීම හෝ 15ට වඩා අඩුවීම නොවිය යුතුය.

ලුණුවලට අයඩීන් මිශ්‍ර කිරීමේ කටයුතු ලුණු සංස්ථා හා පෞද්ගලික නිෂ්පාදකයන් මගින් සිදු කෙරේ. මේ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද රජය පියවර ගෙන ඇත. රුපියල් මිලියන හැටක වියදමින් පුත්තලම, ඛ්ම්බන්තොට ලුණු 
ලේවායන් ආශ්‍රිතව අයඩීන් මිශ්‍ර කිරීමේ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ස්ථාපිත කර ඇත.

මඩ සහිත හෝ අව පැහැයෙන් යුතු ලුණු වෙළෙඳපොළේ පවතී නම් ඒවා මිල දී නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි. එව වැනි ලුණු භාවිතයට පෙර සේදීම නිසා අයඩීන් බොහෝ ප්‍රමාණයක් බැහැර වේ. ලුණු කැටයක ප්‍රමාණය මිලිමීටර් 4.5ට වඩා අඩුවිය යුතුය. ලුණුවල තිබිය යුතු සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය ද 95% තිබිය යුතුය.

No comments:

Post a Comment