ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
වසර 30 ක යුද්ධය අවසන් කර රජය මගින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නැගෙනහිර පළාතේ ආරම්භ කිරීමට යෝජනා කර ඇති යුගයක එම සංවර්ධනයට මුවා වී රටේ ස්වභාවික සම්පත් විනාශ කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් වාර්තා විය.
නිලාවලි මුහුදු තීරයේ ඉදිකරන සුවිසල් හෝටල්වලට අවශ්‍ය දැව ලබාදීමට ත්‍රස්තවාදී යුගයේදීවත් විනාශ නොකළ කැලෑවල බුරුත, තේක්ක, මිල්ල වැනි වටිනා දැව සංහාරයක් මේ වන විට නිලාවලි කුඹුරුපිටි කල්ලාර් කුච්චවලි වැනි ප්‍රදේශවල සිදුවේ.
මෙම සිද්ධිය සැලවීමත් සමගම අප කුඹුරුපිටිය රූස්ස මහා කැලෑවට පැමිණියේ මේ තොරතුරු සත්‍ය වශයෙන් දැකබලා ගැනීමටයි. නිලාවලි මාර්ගයේ සිට කිලෝමීටර් 25 ක් පමණ කුඹුරුපිටියේ "ජර්මන් හඬ" ගුවන්විදුලි සම්ප්‍රේශනාගාරයට ඈතින් ඇති ප්‍රදේශයට කිසිවකු එකල නොගියේ කොටි ත්රස්තවාදීන් නිරන්තරයෙන්ම සිටි බැවිනි.
පණ ඇති අයකු ගියා නම් ගියේ කොටින්ට උදව් උපකාර කරන අය පමණි. නමුත් වර්තමානයේ එම තහංචි නොමැතිකම නිසාම කැලෑවට නිදැල්ලේ යන දැව හොරුන් මෙන්ම නිදන් හොරුන් බහුලව මේ ප්‍රදේශවල දක්නට ලැබේ.
අප මේ කැලෑවට යන විට පෙරවරු 9.00 පමණ විය. ඉතාමත් බියජනක ගමනක් වූ එම ගමනේදී වල් අලි රංචු කිහිපයක්ම අප හට මුනගැසුණි.

ඉතාමත් වෙහෙසකාරී ගමනකින් පසු අප දුටුවේ වටිනා බුරුත ගස් කදින් වෙන්කර බිම හෙලා තිබෙන අයුරුයි. මේ කැලෑවටම ආවේණික බුරුත කදන් කොටි ත්‍රස්තවාදී යුගයේදීවත් විනාශ කර නොතිබුණු හැටි කැලෑවට යන ඕනෑම කෙනකුට දැකගත හැකිය.
නමුත් කාගේ අවශ්‍යතාවකට ද මන්දා විශාල බුරුත ගස් කපා බිම හෙලා ඇත. ඒ විතරක් නොව බුරුත කදන් ලෑලි මත තබා ලී ඉරණ අට්ටාල කිහිපයක්ද අපට දක්නට ලැබිණි.
පදිංචි නිවස්න බදු ගෙවල් තනා තිබූ අතර ඒවා වාඩි ලෙස හැඳින්වුවත් වාඩිවලට වඩා හාත්පසින්ම වෙනස්ය. එහි මුළුතැන්ගෙවල සියලුම අඩුමකුඩුම දක්නට ලැබිණි.
මේ අයුරින් තමන්ට රිසිසේ මහා වනාන්තරය කපා දැමුව හොත් ඉදිරියේදී මේ ප්‍රදේශ තවත් කර්කෂක වනු ඇත. කෙසේ වෙතත් මේ ප්‍රදේශය ආසන්නයේ බොරවැව පොලිසියත්, කුච්චවලි පොලිසියත් තිබුණත් මේ වනතෙක් විනාශය ගැන තොරතුරු සොයාගෙන තිබුණේ උප්පුවෙලි පොලිසියේ විශේෂ වැටලීම් අංශය මගිනි.
ප්‍රදේශවාසීන් පවසනු ලබන්නේ ඇතැමුන් සංවිධානාත්මකව මේවා කරන බවත සමහර ආරක්ෂක අංශවල උසස් නිලධාරීන්ද මේවාට උදව් කරන බවයි.

මේ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වමින් ත්‍රිකුණාමලය කොට්ඨාසභාර පොලිස් අධිකාරි රත්මලවින්න බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි උප්පුවෙලි පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ඒ.බී. ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේ උප්පුවෙලි පොලිස් ස්ථානාධිපති ප්‍රගති ලක්මිණ මහතා ඇතුළු විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම බුරුත දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
නමුත් මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලෑවේ දැව ජාවාරමට සෘජුවම සම්බන්ධ අය නොවන අතර කුලියට වැඩ කරන අය පමණි. ධනය වැයකර මහා පරිමාණව මෙම ජාවාරමේ යෙදෙන්නන් තවමත් නිදැල්ලේ සිටින බව කුඹුරුපිටිය ප්‍රදේශවාසීහු අප සමග පැවැසූහ.
යුද්ධයෙන් පසු ප්‍රදේශයේ ජනතාවට දර කෑල්ලක් කැඩීමට කැලයට යැමට ඉඩ නොදෙන කැලෑව බලන මහත්වරුන්ට මෙවැනි දැව ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට නොහැකි වීමද ප්‍රදේශවාසීන්ට ප්රශ්නයකි.
http://www.divaina.com/2011/12/12/news18.html

No comments:
Post a Comment